ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනිමේදී තෝරා නොගත් ජාතික ක්‍රිඩකයන් හා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත ක්‍රිඩකයන් එම තරගාවලියට එක්කර ගැනීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් සකස් කර තිබේ.
එසේ තෝරා නොගත් ක්‍රීඩකයන් 10 දෙනෙකුගේ නම් එල්.පී.එල්. තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් වෙත යොමුකර ඇති අතර ඒ අතරින් ක්‍රීඩකයන් දෙදෙනා බැගින් සෑම කණ්ඩායමක්ම තෝරා ගත යුතු වෙයි.
ඒ අනුව කණ්ඩායමකට තබා ගත යුතු ක්‍රීඩකයන් සංඛ්‍යාව ක්‍රීඩකයන් 20 සිට 22 දක්වා වැඩිකිරීමට අවසර දී තිබේ. කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීම එම කණ්ඩායමේ හිමිකරුවන්ට ඇති අයිතියක් බවත් ක්‍රිඩකයන් තෝරා ගැනිම විනිවිදව සිදුවූ බවත් ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කරයි.
මෙවර තරගාවලිය වෙනුවෙන් තෝරා නොගත් ක්‍රීඩකයන් අතර කුසල් ජනිත් පෙරේරා. ඇන්ජලෝ මැතිව්ස්. ධනංජයද සිල්වා, ප්‍රවින් ජයවික්‍රම, දිනේෂ් චන්දිමාල්, මිනෝද් භානුක, අකිල ධනංජය ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම විය.