ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා නව කණ්ඩායම් 02 ක හිමිකාරීත්වය ඩුබායිහි පැවැති ලන්සු කැඳවීමකදී සමාගම් 02 ක් හිමිකර ගෙන තිබේ.
RPSG සමූහය විසින් ලක්නව් නගරය කේන්ද්‍ර කරගත් කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දීය රුපියල් කෝටි 7, 090 කට මිලදී ගෙන ඇත.
CVC කැපිටල් සමාගම ඉන්දීය රුපියල් කෝටි 5,625 කට අහමදාබාද් නගරය කේන්ද්‍ර කරගත් නව කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගෙන ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.
ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇත.