ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේ 2022 ශූරතාව හිමිකර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්විය. ඒ අවසන් මහ තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමිනි.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 9ට ලකුණු 130ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්රිඩා කළ ගුජරාට් කණ්ඩායම පන්දුවාර 18.1කදී කඩුලු තුනක් දැවී ලකුණු 133ක් රැස්කරමින් තරගය ජයග්රහණය කළේය.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්යක්ෂ ලෙස කුමාර් සංගක්කාර කටයුතු කරන අතර වේග පන්දු උපදේශක ලෙස ලසිත් මාලිංග කටයුතු කරයි.
තරගයේ විරයා ලෙස ගුජරාට් කණ්ඩායමේ සුබ්රමනියම් ගිල් සම්මාන ලැබූ අතර තරගාවලියේ වීරයා වූයේ ජෝස් බට්ලර්ය.