ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡාකරශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රෙගුලාසි සංශෝධනය කිරීමෙන් පසු කඩිනමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (03දා)දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන රෙගුලාසි සංශෝධනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අපක්ෂපාතීව පැවැත්වීම සඳහා ස්වාධීන මැතිවරණ කමිටුවක් ස්ථාපනය කරන බව දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා, එම මැතිවරණ කමිටුව සඳහා විශ්‍රාමික විනිසුරුවරුන් දෙදෙනෙකු සහ මැතිවරණ කොමිසමේ සමාජිකයෙකු ඇතුළත් කිරීමට පියවර ගන්නා බවද අධිකරණයට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපති ධුරය සඳහා එහි වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා තරග කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංග මහතා අභියාචනාධිකරණයට ගොනු කර තිබූ රීට් පෙත්සම අභියාචනාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී සුමති ධර්මවර්ධන මහතා එලෙස දැනුම් දුන්නේය.
නිශාන්ත රණතුංග මහතා විසින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, ක්‍රිකට් නිලවරණ කමිටුවේ සාමාජිකයන්,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු 27 දෙනෙකු නම් කර ඇත.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති ප්‍රීතිපද්මන් සුරසේන සහ විනිසුරු අර්ජුන් ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේ සලකා බැලිණි.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 31 වැනිදා පැවැත්වීමට නියමිත බවත්, එම නිලවරණයේදී එහි සභාපති ධුරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාගේ නම යෝජනාකර ඇති බවත්, එය නීතියට පටහැණි බවත් සඳහන් කරන පෙත්සම්කරු, මෙම නිලවරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට පසුගිය 19 වැනිදා පත්කළ මැතිවරණ කමිටුව පත්කර ඇත්තේ ආයතන ව්‍යවස්ථාවට පටහැණිව බවද සඳහන් කරඇත.
එම නාමයෝජනාව මත තිලංග සුමතිපාල මහතා අදාළ තනතුර සඳහා තරග කළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට හා ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව පෙන්වා දෙන පෙත්සම්කරු, තිලංග සුමතිපාල මහතාගේ නාමයෝජනාව සම්බන්ධයෙන් තමන් ක්‍රිකට් ආයතනයේ මැතිවරණ කමිටුවට විරෝධතා ඉදිරිපත් කළද, එම කමිටුව විසින් තමන්ගේ විරෝධතා නොසලකා හැර කටයුතු කර ඇති බවද සඳහන් කර ඇත.
මෙම තත්ත්වය යටතේ තම පෙත්සම විභාග කර අවසන් තීරණයක් ලබාදෙන තෙක් තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා තරග කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන මෙන්ද, ලබන 31 වැනිදායින් පසු වගඋත්තරකාර තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ධුරයේ කටයුතු කිරීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.
වගඋත්තරකාර ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුනේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අදාළ කරුණු ඉදිරිපත්කළ අතර, එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම පෙත්සම ලබන නොවැම්බර් 30 වැනිදා සිට විභාගයට ගැනීමට නියම කළේය.
මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන ඔක්තෝබර් 05 වැනිදා ගොනු කරන ලෙසත්, එම විරෝධතා සම්බන්ධයෙන් වන ප්රතිවිරෝධතා ලබන ඔක්තෝබර් 26 වැනිදා ගොනු කරන ලෙසත් අධිකරණය වැඩිදුරටත් නියම කළේය.