ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ පිළිබඳව වාර්තා කිරීමට ලබාදුන් සති දෙකක සහන කාලයේ වර්ධනය පිළිබඳව තෘප්තිමත් විය හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.
එහි දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් පවසා ඇත්තේ එම සහන කාලය තුළ තවදුරටත් තොරතුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලංකාවේ පිහිටුවා ඇති දූෂණ විරෝධි කාර්යාලය වෙත භාර දෙන ලෙසයි.
මෙම සහන කාලය ජනවාරි 16 දා සිට 31 දා තෙක් ක්‍රියාත්මක වෙයි. එම කාලයේදී තොරතුරු ලබාදෙන්නන්ගේ රහස්‍ය භාවය ආරක්ෂා කරන බවද ඇලෙක්ස් මාෂල් සඳහන් කරයි.
මෙම කාලය තුළදී ජාත්‍යන්තර හා දේශීය පාර්ශ්වයන්ට තොරතුරු ලබාදීමට අවස්ථාව ඇති අතර එහිදි තොරතුරු ලබානොදෙනන් පිළිබඳව වසර පහක් දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් තහනම් කිරිමට අවස්ථාවක් ඇති බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.