ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වා එහි නිලධාරී මණ්ඩලය පත්වන තෙක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබූ එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය රඳවා ගත් මුදල් ලංකාව වෙත නිදහස් කර ගැනීමට සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව සභාපති ෂම්මි සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව සභාපතිවරයා හෙට (28දා) ඩුබායි නුවර බලා පිටත්ව යෑමට නියමිතය. ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් හා එහි පැවැත්වීමට නියමිත රැස්වීම් කිහිපයක් සඳහා සභාපතිවරයා එක්වීමට නියමිතය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයන් කිහිප දෙනෙක්ද එක්වීමට නියමිත බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.