ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශන ඒකකය ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේදී සේවය සඳහා යොදවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ තොරතුරු සොයා බැලීම ඊයේ (11දා) ආරම්භ කර ඇත.
සති දෙකක පමණ කාලයක සිට ශ්‍රී ලංකාවේ රැඳී සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශන නිලධාරීන් මේ දිනවල දඹුල්ලේ නවාතැන් ගනිමින් සිය රාජකාරිය කරගෙන යන අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සේවයට යොදවා ඇති සියලු නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ දත්ත පරීක්ෂාවට ලක්කරමින් ඔවුන් සතුව ඇති තොරතුරු සනාථ කර ගැනීමේ වැඩසටහනක් දියත් කර තිබේ.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යොදවා ඇති සේවකයන් කරන්නේ කුමන රාජකාරියක්ද සහ ඔවුන්ගේ පෞද්ගලික තොරතුරුද සොයා බලමින් සිටින අතර, අනතුරුව ඔවුන්ට සැක සහිත නිලධාරීන් සහ සේවකයන් පරීක්ෂාවට ලක් කිරීමට නියමිතව ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.
සාමාන්‍යයෙන් ජාත්‍යන්තර තරගාවලියකදී සත්කාරකත්වය දරන රාජ්‍යයේ ක්‍රිකට් ආයතනය විසින් සේවය සඳහා යොදවනු ලබන වගකීමක් සහිත නිලධාරීන්ට සහ සේවකයන්ට තරග පාවාදීම්වලට ඍජුව සහ වක්‍රව සම්බන්ධ වීමේ හැකියාව ඇති බව අයි.සී.සී. දූෂණ විමර්ශන ඒකකය තහවුරු කරගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ එවැනි පුද්ගලයන් කිහිප දෙනෙකුගේ දත්ත ඔවුන්ට ලැබී ඇති අතර, ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණයක් පැවැත්වීමට මෙම තරගාවලිය අතරතුරදී සිදු කරනු ලැබේ.