හොංකොං ඉන්ටර්නැෂනල් සික්සර්ස් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
ඒ පාකිස්ථාන කණ්ඩායම කඩුලු 03කින් පරාජයට පත් කරමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවර 5යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 72ක් රැස් කළේය.
ඒ අනුව ලකුණු 73ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර පන්දුවාර 05ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 76ක් ලබා ගනිමින් තරගය ජයග්රහණය කළේය.