saravita-anim2

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

Sports - timelapse 4551 hours ago

LATEST

ජනපතිගෙන් දසුන්ට ස්තූතිය

calendar_today 2022 ජුනි 12 - 15:49 remove_red_eye - 965  

තමන්ට හා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් ශ්‍රෙෂ්ඨ තරගයක් ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටත් නායක දසුන් ශානකටත් ස්තූතිය ප්‍රකාශ කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දසුන් ශානක පන්දු පන්දු 25කදි ලකුණු 54ක් රැස්කිරීමට සමත්විය. ඔහුගේ අවසන් ලකුණු 48 පන්දු 13ක් තුළ වාර්තා විය. මෙම ඉනිම හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ තෙවැනි අදියර ජුලි 31 දා සිට අගෝස්තු 21 දා තෙක් පැවැත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 10කින් පරාජයට පත්කරමින් දෙරට අතර කොළඹ ආර්. ප්‍රෙමදාස පිටියේ පැවැති පළමු විස්සයි20 තරගය ජය ගැනිමට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

Read More

සත්කාරක ශ්‍රී ලංකාව සහ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරග 03කින් යුත් විස්සයි20 තරගාවලියේ පළමු විස්සයි20 තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (07දා) රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතය. පුරා මාසයකට ආසන්න කාලයක් මෙරට රැඳී සිටින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම විස්සයි20 තරග 03කට, එක්දින තරග 05කට සහ ටෙස්ට් තරග 02කට ක්‍රීඩා කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියෙ ප්‍ර වේශ පත්‍ර අලෙවියෙන් ලබන ආදායම ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබාදීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය එකාබද්ධව සංවිධානය කරන තෙවැනි කාණ්ඩයේ තරග (Division-3) විනිශ්චය කරන විනිසුරුවෙකුගේ ගෙවීම් කප්පාදු කර ඇති බවට ක්‍රිකට් විනිසුරුවෝ චෝදනා කරති.

Read More

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මේ වන විට ප්‍ර වේශපත්‍ර අලෙවිය ආරම්භව තිබේ.

Read More

ශ්‍රී ලංකා සංචිතය - දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, නුවිඳු ප්‍රනාන්දු, ළහිරු මධුශංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කුස්න රාජිත, නුවන් තුෂාර, මතීෂ පතිරණ, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තික්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂාන් සඳකැන්

Read More

ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ නව සභාපතිනිය ලෙස ආසියානු දැල්පන්දු සංගමයේ උපසභාපතිනියක වන වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය තේරී පත්විය. ඇයට පක්ෂව ඡන්ද 21ක් හිමිවූ අතර, ඇයගේ ප්‍රතිවාදිනිය වූ හිටපු රූ රැජිනක් වන ක්ලැරිල් ටෝසර් මහත්මියට හිමිව තිබුණේ ඡන්ද 11ක් පමණි.

Read More

2024 වසරේ පැවැත්වෙන විස්සයි20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඇමෙරිකා එක්සන් ජනපදය හා බ.ඉ. කොදෙව් දූපත් සත්කාරකත්වය ලබාදෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (31දා) නිවේදනය කළේය.

Read More

තමන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේ මහින්ද රාජක්ෂ මහතාගේ පහරදීමක් නිසා බවට තමන් පැවැසුවේ යැයි සඳහන් කරමින් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසයි. තම ට්විටර් ගිණුම හරහා සංගා මෙම ප්‍රකාශය සිදුකරයි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ 2022 ශූරතාව හිමිකර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්විය. ඒ අවසන් මහ තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමිනි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රාහී කුසලානය ද රැගෙන 05/28 දින සවස 03.20 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙම ක්‍රීඩකයන් පිරිස පිළිගැනීම සදහා කිසිදු රාජ්‍ය නිලධාරීන්, මැතිඇමතිවරුන් හෝ ඥාතීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ නොසිටීම විශේෂත්වයකි .

Read More

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග පැවැති දෙවන ටෙස්ට් තරගය කඩුළු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

සිය ටෙස්ට් දිවියේ 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත්විය. ඒ් බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අතරතුළදීය.

Read More

සිය ටෙස්ට් දිවියේ 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරිමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය. ඒ බංග්ලාදේශය හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදීය. ශ්‍රී ලංකාව මේ වන විට කඩලු 5ට ලකුණු 400ක් රැස්කරගෙන සිටියි.

Read More

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන්නෙකු වන සුරංග ලක්මාල් හට තරගාවලියේ ඉදිරි තරග අහිමිව තිබේ. ඒ ඔහුගේ වැලමිටෙහි ආබාධ තත්ත්වයක් මතුවීම හේතුවෙනි.

Read More

ඩේවිඩ් මිලර්ගේ ප්‍රහාරාත්මක ඉනිමේ ආශිර්වාදයෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් විය.

Read More

පවතින ආර්ථික හා දේශපාලනික අර්බුද මැද ශ්‍රී ලංකාවේ තරග සංචාරය සිදුකිරීම පිළිබඳ ඔස්ට්‍රේලියානු ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙගිඩියාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාව වර්තමානයේ පත්වී ඇති තත්ත්වය මත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම කොතරම් දුරට සදාචාරාත්මකදැයි ගැටළුවකින් ඔවුන් පසුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Read More

ජර්මනියේ පැවැති මීටර් 100 ධාවන ඉසව්වකින් නව ශ්‍රි ලංකා හා දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා සුපිරි කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්විය. ඒ අනුව එම ඉසව්ව තත්පර 10.09කින් නිම කරමින් ඔහු මෙම වාර්තාව පිහිටුවීය. යුපුන් මේ අනුව බිද දැමුවේ මීට පෙර ඔහු විසින් පිහිටුවා තිබූ තත්පර 10.15ක වාර්තාවයි.

Read More

මේ අනුව රිජ්වේ ආර්යා රෝහල වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනක මුදලක් හා අපේක්ෂා රෝහලට තවත් ඩොලර් මිලියනයක් මේ අනුව ලබාදීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සමගින් මේ වන විට බංග්ලාදේශයේ තරග සංචාරයකට එක්ව සිටින යොවුන් ක්‍රීඩක කමිල් මිෂාර වහාම ක්‍රියාත්මක වන පරිදි යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (24දා) නිවේදනය කළේය.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් (Eliminator) අද (25දා) රාත්‍රී 7.30ට කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Read More

ජිම්නාස්ටික් ක්‍රීඩාව සිදුකරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අවශ්‍ය උපකරණ ගෙන්වීමට 2020 වසරේදී රු. මිලියන 70ක් අනුමත කර ඇතත්, තවමත් එම උපකරණ ගෙන්වීමට බලධාරීන් අපොහොසත් වීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

Read More

මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට මෙන්ම ශ්‍රී ලංකා ජාතික වාර්තාවටද හිමිකම් කියන යුපුන් අබේකෝන් මිටර් 200 ඉසව්වේද දකුණු ආසියා මෙන්ම ශ්‍රි ලංකා වාර්තාව තමන් සතු කර ගැනීමට සමත්ව තිබේ.

Read More

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක නවසීලන්තයේ කේන් විලියම්සන් සිය කණ්ඩායමෙන් ඉවත් වී ඊයේ (18දා) නැවත නවසීලන්තය බලා පිටත්ව ගියේය.

Read More

සත්කාරක බංග්ලාදේශය සමගින් චිතගොංහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේසිව්වැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිමට කඩුලු දෙකක් දැවී ලකුණු39ක් ලබා අසීරු තත්ත්වයක සිටිති. ඒ අනුව ඔවුන් බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු29ක් පසුපසින් සිටින්නේ කඩුලු08ක් පමණක් අතැතිවයි.

Read More

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 397ක් රැස්කිරීමට සමත්විය.

Read More

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍ රීලංකා කණ්ඩායම වෙනුවෙන් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සිය 12 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරිමට සමත්විය. මේ අනුව ඔහු සිය ටෙස්ට් දිවියේ ලකුණු 6500 සීමාවද ඉක්මවා ගියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.