ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි (Road Safety World Series) විස්සයි විස්ස තරඟාවලිය කල් දමයි. මේ බව තිලිණ තුෂාර මිරැන්ඩෝ සිය ෆේස් බුක් පිටුවේ සඳහන් කර ඇත.
කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය හා මහනුවර,වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය අතර හෙට සහ අනිද්දා (13 හා 14) යනපල්ලේකැලේ ඡාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබූ දෙදින මහා ක්‍රිකට් තාවකාලිකව කල්දමන ලද බව දැනුම් දෙයි
Read Moreමහනුවර ත්‍රිත්ව විදුහල හා කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී හෙට සහ අනිද්දා (13 – 14 ) පැවැත්වීමට නියමිතව තිබූ මහා ක්‍රිකට් තරගය කල්දමා ඇත. ත්‍රිත්ව විදුහලට රැස් වූ දෙවිදුහලේ විදුහල්පතිවරුන් ඇතුළු සංවිධායක මණ්ඩලය අද (12) මෙය තීරණය කරේය.
Read Moreඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි (Road Safety World Series) විස්සයි විස්ස තරඟාවලියේ මින් ඉදිරියට පැවැත්වෙන සෑම තරඟයක්ම ප්‍රේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් තොරව පැවැත්වීමට අදාළ බලධාරීන් විසින් කටයුතු කර තිබේ.
Read Moreඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමට ක්‍රීඩා කරන සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ මැඩෙයිරා හි පිහිටි ඔහුගේ නිවසේදී නිරෝධායනයට ලක්වීමට තීරණය කර තිබේ.
Read Moreඑංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට බලාපොරොත්තු වූවත්, ක්‍රීඩකයන් අබාධ වීමත් සමග එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පැවසීය. එමෙන්ම ලොව පුරා ව්‍යසනයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසයෙන් (කෝවිඩ්-19) ආරක්‍ෂාවීම සඳහාද විශේෂ අවධානයක් යොමුකර තිබෙන බව ඔහු පැවසීය.
Read Moreකොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර 141 වැනි වරටත් පැවැත්වෙන ‘නිල් මහ සටන’ මහා ක්‍රිකට් තරගය කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (එස්.එස්.සී) ක්‍රීඩාංගණයේදී අද (12දා) ආරම්භ විය. තෙදිනක් පුරා පැවැත්වෙන මෙය අනිද්දා (14දා) අවසන් වේ.
Read Moreඇමෙරිකාවේ ජාතික පැසිපන්දු තරගාවලියේ මෙවර තරගවාරය අත්හිටුවීමට ඇමෙරිකානු ජාතික පැසිපන්දු සංගමය තීරණය කර තිබේ.
Read More‘කෝවිඩ් - 19’ වෛරසය ලොව පුරා ව්‍යාප්තවීමත් සමඟ අන්තර්ජාතික තරගාවලි රැසක් පැවැත්වීම මේ වනවිට අවධානමකට ලක්ව තිබේ. ඇතැම් තරගාවලි සීමිත ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක් සහිතව පැවැත්වීමට තීරණය කර ඇති අතර, ඇතැම් තරගාවලි මේ වනවිටත් කල්දමා තිබේ.
Read Moreපාසල් ක්‍රිකට් පිටියේදී ලකුණු 400 ක් රැස් කළ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ පිතිකරු නවෝද් පරණවිතාන සමත් වෙයි.
Read Moreඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි (Road Safety World Series) විස්සයි විස්ස තරගාවලියේ 3වන තරගය ලෙස ශ්‍රී ලංකා ප්‍රවීණයන් හා ඉන්දියාවේ ප්‍රවීණයන් අතර ඊයේ පැවති තරගයෙන් කඩුළු 5ක ජයක් ලබා ගැනීමට ඉන්දියාවේ ප්‍රවීණයන් සමත් විය.
Read Moreශ්‍රී ලංකා සභාපති වරයාගේ කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවැනි සිවුදින පුහුණු ක්‍රිකට් තරගය මාර්තු මස 12 සිට 15 දක්වා කොළඔ පී.සරා ඕවල් පිටියේදී පැවැත්වේ.
Read Moreශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), ඔෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්
Read Moreඉන්දීය කණ්ඩායම ලකුණු 85කින් පරාජයට පත්කරමින් පන්දුවා විස්සයි20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියා කාන්ත කණ්ඩායම සමත්විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වම් කලවයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට සති කිහිපයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිදුවීමට සිදුවන බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreමෙම සබඳතාව බංග්ලාදේශ පිතිකරුවන් දෙදෙනෙකු විසින් එක්දින තරගයකදී ඕනෑම කඩුල්ලක් සඳහා වාර්තා කළ ඉහළම ලකුනු සබඳතාව වේ. එමෙන්ම එය එක්දින තරගයක පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ තෙවැනි ඉහළම ලකුනු සංඛ්‍යාවද වන අතර මේ අනුව ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය හා උපුල් තරංග විසින් 2006 වර්ෂයේදී එංගලන්තයට එරෙහිව පළමු කඩුල්ලට එක් කල ලකුනු 292 ක වාර්තාව සිව්වැනි ස්ථානය දක්වා පසු බැසිණ.
Read Moreශ්‍රී ලංකා කඩුළු 6 ක් ලකුනු 109 ක් තුළදි බිද වැටී තිබුණද හයවැනි කඩුල්ල වෙනුවෙන් දසුන් ශානක හා තිසර පෙරේරා පන්දු 23 කදී ලකුනු 46 ක සබඳතාවක් පැවැත්වීය
Read Moreතෝමස් කියන්නේ වේගවත්, ඒ වගේම බවුන්සර් පන්දු යවන්නෙක්. එයා කඩුලු ගත්තෙත් ඒ විදියට. එම නිසා එම අඩුපාඩුව හදාගෙන පිතිකරුවන් ක්‍රීඩා කරන්න ඕන.
Read Moreකොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් දෙකෙහි ආදි ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පැවැත්වෙන වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය 26 වැනි වරටත් එළැඹෙන මාර්තු 08 වැනිදා කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.
Read Moreඒ අනුව බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් ’ඒ’ කාණ්ඩයේ තරගාවලියේ අද (04) පැවති තරගයෙන් මහනුවර ධර්මරාජ විදුහල පරදා ලකුණු 50-14 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බම්බලපිටිය ශා. පීතර විදුහල සමත්විය
Read Moreශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමට දැඩි වෙහෙසක් ගත් කුසල් ජනිත් පෙරේරා පන්දු 38 කදී ලකුණු 66 ක්ද වනිදු හසරංග පන්දු 38 කදී ලකුණු 44 ක්ද රැස් කළහ. ශ්‍රී ලංකා ඉනිමේ කඩුළු 5 ක් ලකුණු 56 කට දැවී අසීරුව ඇති විටදී හයවැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා පන්දු 57 කදී ලකුණු 87 ක සබඳතාවක් එක් කිරීමට සමත්වූහ
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලය හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගන පරිශ්‍රයේ ඉදිකිරීමට සියලු කටයුතු සූදානම් ව පවතින බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
Read Moreකොදෙව් කණ්ඩායම විස්සයි20 තරග රටාව තුළ කිසිදු අවස්ථාවක අවතක්සේරු කළ නොහැකි කණ්ඩායමක් බවත්, තරගයක් වෙනස් කළ හැකි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඔවුන් සතුව සිටින බවත් ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග පැවසීය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිය දිවියේ නව ඉනිමක් අද (03දා) ආරම්භ කළා.
Read Moreකටුනායකට පැමිණි එංගලන්ත කණ්ඩායම විශේෂ ආරක්ෂාවක් යටතේ කොළඹ බලා රැගෙන ආවේය.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පැවැති තෙවැනි එක්දින තරගයෙදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප්ට සති 6ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුව තිබේ.
Read Moreපළමු තරගයේදී වනිඳු හසරංග කණ්ඩායමට ලබාදුන් ආරම්භය තරගාවලිය වෙනස් කළ අවස්ථාව බවත් තමන්ට පන්දුවාර 10ක් යොමුකිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වන බවත් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
Read Moreඒ අයගෙන් ලැබුණ උත්තරය තමයි කුසල් 200 ක් ගහයි, හැබැයි අපිට ඕන 200 ක් ගහන කෙනාට වඩා විකට් එකේ වැඩිවෙලාවක් ඉන්න කෙනෙක් කියලා. එතකොට මම පෙරළා ප්‍රශ්න කළා ඔහු 200 ක් ගැහුවේ විකට් එකේ ඉඳන් නෙමෙයිද, අහසේ ඉදන්ද කියලා.
Read Moreඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදි ශ්‍රී ලංකාව සහභාගිවූ අවසන් තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම පරදා කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 6කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙැවැනි එක්දින තරගයද ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේය.
Read More