ද. අප්‍රිකානු සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු ඒ.බී. ඩිවිලියර්ස් යලිත් අන්තර් ජාතික ක්‍රිකට් පිටියට පැමිණීමේ බලාපොරොත්තු සුන් වන ආකාරයක් ඇති බව වාර්තා වේ.
ෆෝමියුලා වන් මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි බර්නි එක්ලෙස්ටෝන් නැවත වරක් පිය පදවියට පත්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
Read Moreපාකිස්ථානු හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර් සිය සමාජ මාධ්‍ය තුළ පලකළ වීඩියෝවක් හේතුවෙන් අර්බුදයකට මුහුණ පා ඇත. මෙම වීඩියෝවේ දැක්වෙන්නේ එරට වසාදමා (lockdown) ඇති මෙම කාළය තුළදී ෂොයිබ් බයිසිකලයක නැගී නගර සංචාරය කරන අයුරුය.
Read More(LONG READS)ලොවපුරා පැවැත්වීමට නියමිතව තිබූ බහුතරයක් ක්‍රීඩා තරග අවලංගු කෙරිණි. ඒ අතරට ක්‍රිකට්, පාපන්දු, ටෙනිස්, පැසිපන්දු, මලල ක්‍රීඩා මෙන්ම තවත් ජනප්‍රිය ක්‍රීඩා තරගාවලිද ඇතුළත්ය.
Read Moreදකුණු කොරියානු පාපන්දු ක්‍රීඩක සොන් හුන්ග්-මින් (Son Heung-min) හමුදා සේවයට ගොස් ඇතැයි ’ද සන්’ වෙබ් අඩවිය වාර්තා කරයි. එංගලන්තයේ පැවැත්වෙන ප්‍රධානතම පාපන්දු තරගාවලිය වන ඉන්ග්ලිෂ් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ටොට්න්හැම් හොට්ස්පර් (Tottenham Hotspur) ක්‍රීඩා සමාජයේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙසද කටයුතු කරන සොන් හුන්ග්-මින් දකුණු කොරියාවේ සති 03ක අනිවාර්ය හමුදා සේවයට මෙම මාසයේ දී වාර්තා කිරීමට සූදානමින් පසුවන බව වාර්තා වේ.
Read Moreවිම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කිරීමෙන් එහි සංවිධායකයින්ට ඇමරිකානු ඩොලර් මිලියන 141ක වන්දි මුදලක් හිමිවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය
Read Moreඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා ලෝරා හැරිස් කොවිඩ්-19 වෛරසයට (කොරෝනා වෛරසය) එරෙහිව හෙදියක් වී ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය. ඒ එරට සෞඛ්‍ය සේවයේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (ICU) හෙදියෙක් ලෙසය.
Read Moreපැරගුවේ රාජ්‍යයට ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ඇතුළු වීමට තැත්කිරීමේ වරදට බන්ධනාගාර ගත කර සිටි බ්‍රසීලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩීනියෝ සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයාට ඇප ලබාදී අනතුරුව නිවාස අඩස්සියට පත් කර ඇති බව බීබීසීය පවසයි.
Read Moreකොවිඩ්-19 වෛරසයට (කොරෝනා වෛරසය) එරෙහිව පුණ්‍යාධාර එක් රැස් කිරීමට තරග 03කින් යුත් එක්දින තරගාවලියක් ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්විය යුතු යැයි පාකිස්තානු හිටපු සුපිරි වේගපන්දු යවන්නෙකු වන ෂොයිබ් අක්තාර් කළ යෝජනාවට ඉන්දියාවට ප්‍රථම වරට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනාදුන් නායක කපිල් දේව් දැඩි විරෝධයක් එල්ල කර තිබුණි.
Read More2018 සහ 2022 යන වසරවලදී පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය ලබාගැනීමට අල්ලස් ලබාදුන්නා යැයි එල්ල වන චෝදනා රුසියාව සහ කටාරය ප්‍රතික්ෂේප කර සිටියි.
Read Moreකොරෝනා රෝගය මැඩලීමට ආධාර එකතු කිරීම සඳා එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජොස් බට්ලර් විසින් වෙන්දේසි කළ ඔහුගේ ක්‍රීඩා ජර්සිය ස්ටර්ලින් පවුම් හැටපන්දහස් එකසීයක (රුපියල් පහලොස් ලක්ෂ හැටඑක්දහසක) මුදලකට අලෙවි වී ඇත.
Read Moreදකුණු අප්‍රිකානු හිටපු තුන් ඉරියව් ක්‍රීඩිකා දිනේෂා දේවනරේන් දකුණු අප්‍රිකානු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරිත්වයට පත් කර තිබේ. මීට අමතරව ඇයව එරට කාන්තා ක්‍රිකට් ජාතික ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙසදා පත් කර තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරසයේ (කොරෝනා වෛරසය) ව්‍යාප්තිය හේතුවෙන් ලොව පුරා ජනප්‍රිය අත්‍යන්ත සටන් තරගාවලි ( UFC) පෞද්ගලික දූපතක පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ලෝක අත්‍යන්ත සටන් තරගාවලියේ සභාපති ඩැනා වයිට් පවසයි.
Read Moreබ්‍රිතාන්‍ය ටෙනිස් සංගමය හෙවත් ලෝන් ටෙනිස් සංගමය එරට පුහුණුකරුවන්, නිලධාරීන් සහ ක්‍රීඩකයින් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 20ක ආධාර පැකේජයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.
Read Moreසනත් කොළඹ අඩු ආදායම්ලාභී පවුල්වලට වියළි සලාක බෙදයි කොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්ත්වය හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය බඩු ඇතුළත් වියළි සලාක බෙදාදීමට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය කටයුතු කර තිබුණි.
Read Moreපස් වරක් එන්බීඒ (NBA) ශූරයකු සහ ලීග් ඉතිහාසයේ සිව්වන වරට වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වන ලේකර්ස් පැසිපන්දු කණ්ඩායමේ කෝබේ බ්‍රයන්ට් පැසිපන්දු Hall of Fame සමාජයට නම් කර තිබේ.
Read Moreසමාජ දුරස්ථ භාවය කඩ කළ නවසීලන්ත සුපිරි රග්බි ක්‍රීඩක (All Blacks කණ්ඩායමේ) රිචී මෞන්ගා ඇතුළු තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් නියෝජනය කරන කෘසේඩර් (Crusader) ක්‍රීඩා සමාජය පියවර ගෙන තිබේ.
Read Moreවත්මන් රජයේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක සෞභාග්‍යා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ගෙවතු වගා සංග්‍රාමයට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සහ හිටපු නායක මේජර් දිනේෂ් චන්දිමාල් එක්වූහ. ඒ අද (04දා) දිනයේ ඔවුන්ගේ නිවෙස්වල පැළ රෝපණය කරමිනි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ ආරම්භක ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග, කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් අසීරුවට පත් අම්බලන්ගොඩ කොන්ඩගල ග්‍රාමයේ පවුල් 100ක් සඳහා වියලි ආහාර ප්රදානය කර තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කිරීමට විම්බල්ඩන් තරග සංවිදායකයෝ ඊයේ (01දා) පියවර ගත්හ. දෙවන ලෝක යුද්ධයෙන් පසු විම්බල්ඩන් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියක් අවලංගු වූයේ ප්‍රථම වරටයි. ඒ අනුව එළැඹෙන ජූලි මස මැද වන තෙක් විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය නොපැවැත්වීමට තරග සංවිධායකයින් පියවර ගෙන ඇත.
Read Moreසීමිත පන්දුවාර ක්‍රිකට් තරඟ සඳහා කාලගුනය සහ දේශගුණය හරස්වීමෙන් ඇතිවන ගැටලුවට පිලියමක් ලෙස භාවිත කළ ඩක්වර්ත් ලුවිස් න්‍යායේ නිර්මාතෘවරයෙකු වන ටෝනි ලුවිස් ජීවිත ඉනිම නිමාකර තිබේ. මිය යනවිට හෙතෙම 78 වැනි වියෙහි පසුවිය.
Read Moreඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් කොරෝනාවට එරෙහිව සටන් වදින පිරිසට සහය පතමින් සිය හිස මුඩුකොට ඇත. මේ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය වෙබ් අඩවියේ සටහනක් ඔහු තබා ඇත්තේ තමන් විසින්ම හිස මුඩු කරනා වීඩියෝවද ඇතුලත් කරමිනි.
Read Moreඑංගලන්තයේ සුප්‍රසිද්ධ ලැන්කර්ෂර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ සභාපති ඩේවිඩ් හොජ්කිස් කොරෝනා වෛරසය වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත. මියයන විට 71 හැවිරිදි වියේ පසුවන හොජ්කිස් 2017 වර්ෂයේ සිට ලැන්කෂයර් සභාපති ධුරය හොබවා ඇත
Read Moreඑංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු ජොස් බට්ලර් පසුගිය එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී භාවිතා කළ සිය ක්‍රීඩා ඇදුම වෙන්දේසි කිරීමට තීරණය කර ඇත. ඒ ලෝකය පුරා පැතිරීයන කොරෝනා වෛරසය මැඩලීමට අරමුදල් රැස් කිරීමටය.
Read Moreකොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් අසීරුවට පත් තලංගම කොස්වත්ත ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට වියළි ආහාර සළාක මල්ලක් ලබාදීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මේජර් දිනේෂ් චන්දිමාල් පියවර ගෙන තිබේ.
Read Moreලොව පුරා තර්ජනයක් ලෙසින් මතුව ඇති කොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්ත්වයට එරෙහිව බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ ඊයේ (30දා) අයිස් හොකී ක්‍රීඩාවේ නිරතව තිබේ.
Read Moreලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශීලින් ද ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරේ. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.
Read Moreස්වයං නිරෝධායනය අවසන් කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, හිටපු නායක මහේල ජයවර්ධන සමගින් එක්ව පවුල් 7000කට වියළි ආහාර සළාක බෙදා දීමට පියවර ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉරිදා (මාර්තු 29) හෝමගම මූලික රෝහලට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ මිලදී ගැනීම සඳහා මූල්‍යමය ප්‍රදානයක් ලබා දුන්නේය.
Read Moreකොවිඩ්-19 හෙවත් කොරෝනා වසංගතය මඩින්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විකල්ප සොයා බලන බව එහි ප්‍රධාන විධායක මනු සාව්නි මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
Read More