saravita-anim2

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

Sports - timelapse 7873 hours ago

LATEST

ප්‍රිමියර් ලීග් පාපන්දු තරගවලදී ’ටැකල්’ තහනම්

calendar_today 2020 මැයි 14 - 13:50 remove_red_eye - 268  

එංගලන්ත ප්‍රිමියර් ලීග් කණ්ඩායම් පුහුණුවේ පළමු අදියර ආරම්භ කරන විට ගැටුම් තහනම් කිරීම (’ටැකල්’ තහනම් කිරීම), තණතීරු විෂබීජහරණය කිරීම සහ ක්‍රීඩකයන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම්වලට සීමා කිරීම යන නව නීති සමග ක්‍රීඩා කිරීමට යෝජනා කර තිබේ.

පාකිස්ථානු එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස ඉදිරිපෙළ පිතිකරු බාබර් අසාම් පත් කොට ඇත.

Read More

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් වන ‘සමර්සෙට්’ ප්‍රාන්ත කණ්ඩායම විසින් හිටපු දකුණු අප්‍රිකානු ආරම්භක වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන වර්නන් ෆිලැන්ඩර්ගේ කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

Read More

ජර්මනියේ සුපිරි රේසිං ධාවක සෙබස්තියන් වෙටල් මෙවර තරග වාරයෙන් අනතුරුව ‘ෆෙරාරි’ කණ්ඩායම හැර යෑමට තීරණය කර තිබේ.

Read More

එළැඹෙන ජුනි මස පළමු වැනිදා තෙක් වෘත්තීය ක්‍රීඩා ඇරඹීම පමා කිරීමට එක්සත් රාජධානිය පියවර ගෙන තිබේ. පිටු 50ක මාර්ගෝපදේශන ලේඛනයක් බ්‍රිතාන්‍ය රජය මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර, එංගලන්තය හුදෙකලා කිරීමේ පියවර ලිහිල් කිරීමට කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි විස්තර කර තිබේ.

Read More

ලොව ජනප්‍රියතම පාපන්දු තරගාවලියක් වන ’ලා ලීගා’ පාපන්දු තරගාවලිය ජුනි මස 12 වැනි දින වනවිට නැවත අරඹන බවට එහි සභාපති හාවියර් ටෙබාස් සහතිකයක් ලබාදී තිබේ.

Read More

ලෝකය යා කරනා විශ්ව භාෂාවන් අතරේ ක්‍රීඩාවට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. රටක ජනප්‍රිය ක්‍රීඩාවක් තවත් රටක ජනප්‍රිය නොවූවද ක්‍රීඩාවට ඇල්මක් ඇති අයවලුන් සිටින විට ඉබේම එම ක්‍රීඩාවද අදාළ රටේ ජනප්‍රිය වේ.

Read More

නැවත ආර්ථික කටයුතු ආරම්භ කිරීමට සමගාමීව ක්‍රීඩා කටයුතුද ආරම්භ කිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ජර්මානු පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා කළ සුපිරි පාපන්දු ක්‍රීඩක මිරෝස්ලාව් ක්ලෝස් ‘ජර්මානු බයර්න් මියුනිච්’ පාපන්දු කණ්ඩායමේ සහකාර පුහුණුකරු ලෙසින් පත්කොට තිබේ.

Read More

ලෝ ප්‍රකට බොක්සිං තරු දෙකක් වන ඇමෙරිකානු ජාතික මයික් ටයිසන් හා ඉවැන්ඩර් හොලිෆීල්ඩ් නැවතත් බොක්සිං පිටියේදී ප්‍රතිවාදීන් වන ලකුණු පෙන්නුම් කර තිබේ.

Read More

කෝවිඩ් -19 වසංගතයට ගොදුරුව සිටි දකුණු අප්‍රිකානු දැල්පන්දු සභාපතිනිය වන සිසිලියා මොලොක්වාන් පූර්ණ සුවය ලබා තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ඇය බී.බී.සී. මාධ්‍යයට පවසා ඇත්තේ කෝවිඩ් -19 වැලඳී තිබුණු කාලය සිය ජීවිතයේ නරකම කාල පරිච්ඡේදය වන බවයි.

Read More

ලොව ජනප්‍රියම ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ මෙවර සත්කාරකත්වය දැරීම උදෙසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් යෝජනාවක් ඉදිරිපත්වී තිබේ. ඒ කෝවිඩ්-19 වෛරසයේ පැතිරී යාම හේතුවෙන් මෙම තරගාවලිය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක තිබෙන මොහොතකදීය.

Read More

ශ්‍රී ලංකා රජය සහ මෙරට සෞඛ්‍ය අංශ මගින් අවසර ලබා දෙනුයේ නම් පාපන්දු ජාතික කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ කළ හැකි බවත්, එහෙත් ජාත්‍යන්තර තරග පැවැත්වීම සම්බන්ධයෙන් ලෝක පාපන්දු සම්මේලනය (FIFA) මෙතෙක් කිසිවක් දැනුම් දී නොමැති බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ’අද’ ට පැවසීය.

Read More

කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් තාවකාලිකව නවතා ඇති ක්‍රිකට් තරඟ ප්‍රේක්ෂකයින් නොමැතිව හෝ ආරම්භ කල යුතු බව එංගලන්ත හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කෙවින් පීටර්සන් කියා සිටියි.

Read More

ඇෆ්ගනිස්ථාන ජාතික කණ්ඩායමේ හිටපු කඩුළු රකින ක්‍රීඩක ෂෆිකුල්ලා ෂාෆික්ට වසර 6 ක තරග තහනමක් ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය (අයි.සී.සී) පියවර ගෙන ඇත. මෙහිදී ෂාෆික්ට චෝදනා 4 ක් එල්ලවී ඇත.

Read More

කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් අසරණ වූ ආජන්ටිනාවේ, බුවනෝස් අයර්ස් නගරයේ දුප්පත් වැසියන් වෙනුවෙන් ආධාර රැස් කිරීම උදෙසා හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා පෙරට පැමිණ තිබේ.

Read More

පන්දුව ඔප දැමීම වැළැක්වීම සම්බන්ධයෙන් නීති රීති සම්පාදනයට තමන් අකමැති බව ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ග්ස් පවසා සිටී. මේ පිළිබඳව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම පවසා ඇත්තේ එය වේග පන්දුයවන්නෙකුට අත්‍යවශ්‍ය කාරණයක් බවයි.

Read More

ලෝක පාපන්දු සම්මේලනය (FIFA) මගින් මේ වනවිට පාපන්දු ක්‍රීඩාව සඳහා ආදේශ කර ඇති නව නීතිවලට දකුණු ඇමෙරිකානු පාපන්දු සංගමය විරෝධය දක්වා තිබේ.

Read More

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයන් දෙපොළක් වන බෙන් ස්ටෝක්ස් හා ස්ටුවර්ට් බ්‍රෝඩ් මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩාව අතහැර ෆෝමියුලා වන් මෝටර් රථ ධාවන තරගාවලියට එක් වී තිබේ. කෙසේ වෙතත් මොවුන් දෙදෙනා එක්වී ඇත්තේ සත්‍ය ෆෝමියුලා වන් තරගාවලියට නොව, ෆෝමියුලා වන් විසින්ම සංවිධානය කරනු ලබන අතාත්වික (Virtual) ෆෝමියුලා වන් තරගාවලිය සඳහාය.

Read More

තමන් කළ වැරදි පිළිගැනීමට පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල් සූදානම් නැති බැවින් ඔහුගේ දඬුවම ස්ථිර වනු ඇති බව පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය (පී.සී.බී) ප්‍රකාශ කරයි. අදාළ දඬුවම සම්බන්ධයෙන් චෝදනා ඔප්පු වුවද සිය වරද පිළිගැනීමට ඔහුගේ කිසිදු සූදානමක් නොමැති වීම ඊට හේතුවයි.

Read More

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් මෙම සතිය තුළදී ආරම්භ කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, එය සාකච්ඡා මට්ටමේ පමණක් පවතින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසූයේය. මේ සම්බන්ධයෙන් ‘අද’ පුවත්පත වෙත අදහස් දක්වමින් හෙතෙම වැඩිදුරටත් පැවසූයේ පුහුණුවීම් ආරම්භ කිරීමට තවත් සති කිහිපයක් ගත වනු ඇති බවයි. මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා මහතාද තහවුරු කළේය.

Read More

එම්.සී.සී. සභාපති ලෙස පත්වූ කුමාර් සංගක්කාර මහතාගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට එම ක්‍රිකට් පාලනාධිකාරිය කටයුුතු කර තිබේ.

Read More

මෙම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ක්‍රීඩාවට අදාල සියලු විෂය ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි ප්‍රායෝගික පුහුණු කටයුතු සඳහා අංගසම්පූර්ණ පහසුකම් සහිතව ඉදිකිරීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම හා උපදෙස් ලබාදීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය තුළ ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලද බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read More

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා 3m N 95 වර්ගයේ උසස් තත්වයේ මුඛ ආවරණ , Bellose ලංකා පුද්ගලික ආයතනයේ සභාපති චතුර පෙරේරා මහතා කෙයාබෙලී හෑන්ඩ් සැනිටයිසර් සහ H H Co ආයතනයේ චින්තක සංජීව මහතා මුහුණු ආවරණ සහිත හෙල්මට් ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය සාමාජිකයන්ට බෙදාදීම සඳහා අද දින ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයට ලබා දුන්නේය.

Read More

මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලිය කොවිඩ් 19 හේතුවෙන් 2021 දක්වා කල් දැමී අතර එය එම වසරේ ජූලි 23 සිට සිට අගෝස්තු 8 දා තෙක් පැවැත්වීමට නියමිතය.

Read More

බංග්ලාදේශ පිතිකරුවකු වන මුෂ්ෆිකුර් රහීම් 2013 දී ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව සිය පළමු ටෙස්ට් ද්විත්ව ශතකය රැස් කළ පිත්ත වෙන්දේසිය සඳහා යොමු කිරීමට තීරණය කර ඇත.

Read More

ලොව වඩාත්ම ජනප්‍රියත්වයට පත් පාපැදි සවාරිය ලෙසින් හැඳින්වන ප්‍රංශ පාපැදි සවාරිය එළඹෙන අගෝස්තු මාසයේදී පැවැත්වීමට සංවිධායකයින් තීරණය කොට ඇත. ඒ එය පැවැත්විමට නියමිතව තිබූ කාළ සීමාව මාස දෙකකින් පසුපසට දමමිනි. ඒ අනුව තරගාවලිය එළඹෙන අගෝස්තු 29 වැනිදා ආරම්භ වීමට මේ වන විට තීරණය කර ඇතත්, ලොව පුරා සෞඛ්‍ය තත්වය මත ඉදිරියේදී පාපැදි සවාරිය තීරණය කරගත් දිනට නිශ්චිතවම පවත්වනවාද නැද්ද යන්න තීරණය වනු ඇත.

Read More

මෙවර අයි.පී.එල් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (බී.සී.සී.අයි) පියවර ගෙන ඇත. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හා බී.සී.සී. අයි අතර අද (16දා) පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇත.

Read More

ලොව පුරා පැතිරීයන කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයට බිලිවීමෙන් පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් ජීවීතක්ෂයට පත්වී ඇත. සෆර් සෆ්රාස් නැමති මෙම ක්‍රීඩකයා පාකිස්ථානය වෙනුවෙන් පළමු පෙළ තරග වලට සහභාගි වූ ක්‍රීඩකයෙකු වන අතර ඒ අනුව මෙම වසංගතයෙන් මියගිය පළමු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයාද ඔහු වේ.

Read More

ඉතාලි පාපන්දු තරගවාරය නැවත ආරම්භවීමට ප්‍රථමයෙන් සියළුම ක්‍රීඩකයින් කෝවිඩ්-19 (නව කොරෝනා වෛරස) පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගන්නා බව ඉතාලි පාපන්දු සම්මේලනය පවසා සිටියි. ඉතාලියේ ප්‍රධානතම පාපන්දු තරගාවලිය වන ‘සෙරී ඒ’ පාපන්දු තරගාවලිය පසුගිය මාර්තු 9 වැනිදා දින නියමයක් නොමැතිව අත්හිටුවීමට එරට බළධාරීන් ක්‍රියා කළහ. ඒ නවකොරෝනා වෛරසය ඉතාලියේ පැතිරීයාමත් සමගිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.