කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කිරීමට විම්බල්ඩන් තරග සංවිදායකයෝ ඊයේ (01දා) පියවර ගත්හ. දෙවන ලෝක යුද්ධයෙන් පසු විම්බල්ඩන් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියක් අවලංගු වූයේ ප්‍රථම වරටයි. ඒ අනුව එළැඹෙන ජූලි මස මැද වන තෙක් විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය නොපැවැත්වීමට තරග සංවි
සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟ සඳහා කාලගුනය සහ දේශගුණය හරස්වීමෙන් ඇතිවන ගැටලුවට පිලියමක් ලෙස භාවිත කළ ඩක්වර්ත් ලුවිස් න්‍යායේ නිර්මාතෘවරයෙකු වන ටෝනි ලුවිස් ජීවිත ඉනිම නිමාකර තිබේ. මිය යනවිට හෙතෙම 78 වැනි වියෙහි පසුවිය.
Read Moreඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් කොරෝනාවට එරෙහිව සටන් වදින පිරිසට සහය පතමින් සිය හිස මුඩුකොට ඇත. මේ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය වෙබ් අඩවියේ සටහනක් ඔහු තබා ඇත්තේ තමන් විසින්ම හිස මුඩු කරනා වීඩියෝවද ඇතුලත් කරමිනි.
Read Moreඑංගලන්තයේ සුප්‍රසිද්ධ ලැන්කර්ෂර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ සභාපති ඩේවිඩ් හොජ්කිස් කොරෝනා වෛරසය වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත. මියයන විට 71 හැවිරිදි වියේ පසුවන හොජ්කිස් 2017 වර්ෂයේ සිට ලැන්කෂයර් සභාපති ධුරය හොබවා ඇත
Read Moreඑංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු ජොස් බට්ලර් පසුගිය එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී භාවිතා කළ සිය ක්‍රීඩා ඇදුම වෙන්දේසි කිරීමට තීරණය කර ඇත. ඒ ලෝකය පුරා පැතිරීයන කොරෝනා වෛරසය මැඩලීමට අරමුදල් රැස් කිරීමටය.
Read Moreකොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් අසීරුවට පත් තලංගම කොස්වත්ත ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට වියළි ආහාර සළාක මල්ලක් ලබාදීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මේජර් දිනේෂ් චන්දිමාල් පියවර ගෙන තිබේ.
Read Moreලොව පුරා තර්ජනයක් ලෙසින් මතුව ඇති කොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්ත්වයට එරෙහිව බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ ඊයේ (30දා) අයිස් හොකී ක්‍රීඩාවේ නිරතව තිබේ.
Read Moreලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශීලින් ද ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරේ. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.
Read Moreස්වයං නිරෝධායනය අවසන් කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, හිටපු නායක මහේල ජයවර්ධන සමගින් එක්ව පවුල් 7000කට වියළි ආහාර සළාක බෙදා දීමට පියවර ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉරිදා (මාර්තු 29) හෝමගම මූලික රෝහලට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ මිලදී ගැනීම සඳහා මූල්‍යමය ප්‍රදානයක් ලබා දුන්නේය.
Read Moreකොවිඩ්-19 හෙවත් කොරෝනා වසංගතය මඩින්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විකල්ප සොයා බලන බව එහි ප්‍රධාන විධායක මනු සාව්නි මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
Read Moreකොරෝනා (කෝවඩ්-19) වසංගතයෙන් ඉතාලියම ඇලලී යන මොහොතේදී සිය ක්‍රීඩා සමාජය තවදුරටත් අපහසුතාවයට පත් නොකිරීම ඔවුන් අරමුණුයි.
Read Moreකෝවිඩ් 19 පීඩා විදින වැඩි දෙනෙකුට නොමිලයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ දෙයි
Read Moreජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල කල් දැමීමට එහි සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ කොවිඩ්-19 වෛරසය හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට රට තුළ මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.
Read Moreඅන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියෙන් පසු පැවැත්වීමට නියමිතව තිබූ ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ද කල් දැමීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය කටයුතු කර තිබේ.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) ඉදිරියේදී සංවිධානය කිරීමට අපේක්ෂිත ක්‍රිකට් තරගාවලි රැසක් කල් දැමීමට තීරණය කර තිබෙන බව ඊයේ (26දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. එමෙන්ම මීට අමතරව දින නියමයක් නොමැතිව කල් යාමට වැඩි ඉඩක් ඇති තරගාවලි කිහිපයක්ද නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.
Read Moreක්‍රිකට් ක්‍රීඩාවට විරාමයක් ලැබී ඇත්තේ කිසිවකුත් අපේක්ෂා නොකළ ආකාරයකිනි.
Read Moreබංග්ලාදේශයේ ප්‍රිමියර් (ප්‍රමුඛ පෙළ) ක්‍රිකට් ක්‍රීඩකයින් ඔවුන්ගේ මාසික වැටුපෙන් සියයට 50්‍ක් කොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්වයට එරෙහිව කටයුතු කිරීම සඳහා සකස් කර ඇති අරමුදලකට දායක වී තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්වයට මුහුණ දීම සඳහා තාවකාලිකව වෛද්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත රජයට අයත් සුප්‍රකට ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය සහ ක්‍රීඩකයන්ගේ නේවාසිකාගාරය ලබා දී තිබේ.
Read Moreකෝවිඩ් - 19 වෛරසය සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සඳහා ජාතික රෝහලට අතශාවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටලයක් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ඇතුළු සාමාජිකයින් සිය දායකත්වය ලබා දීමට පියවර ගෙන තිබේ.
Read Moreබංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක අබ්දුර් රසාක් එරට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට පත් කොට ඇත.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම පාසල් ක්‍රිකට් ගැටුම (බිග් මැච්) වන ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර පැවැත්වෙන ‘ආදරවන්තයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය දින නියමයකින් තොරව කල් දමා තිබේ. ඒ මේ වනවිට කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය සලකා බලමිනි
Read Moreආසියානු කුසලාන පළමු කොටසේ රග්බි තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා රග්බි සංගමය පියවර ගෙන තිබේ. ඒ මේ වනවිට කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය සලකා බලමිනි.
Read Moreදකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්ට එරට ක්‍රිකට් ආයතනය මගින් නිකුත් කළ නවතම ක්‍රීඩක කොන්ත්‍රාත් ලැයිස්තුවේ ස්ථානය අහිමිවී ඇත. ද. අප්‍රිකානු ක්‍රිකට් ආයතනය මගින් 2020-21 වර්ෂයන් සඳහා නවතම ක්‍රීඩක කොන්ත්‍රාත් ලැයිස්තුව ඊයේ (24දා) එළි දැක්වූ අතර එම ලැයිස්තුවට ක්‍රීඩකයින් 16 දෙනෙකු අන්තර්ගතව ඇත.
Read Moreකොරෝනා වයිරස් අර්බුදය තුළ සමාජ දුරස්ථභාවය තබ ගනිමින් මිනිසුන් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න වගකිව යුතු පාර්ශව විසින් උපදෙස් ලබාදී තිබියදී ඒවා නොසලකා හරින පුද්ගලයින් ’වගකීම් විරහිත සහ ආත්මාර්ථකාමී’ අය බවත්, ඔවුන් ගැන තමා කණස්සල්ලෙන් පසුවන බවත් ලෝක ෆෝමියුලා 1 ධාවන ශූර ලුවිස් හැමිල්ටන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටි. එමෙන්ම ඔහු සඳහන් කර සිටියේ අහිමි වූ ජිවිත ගැන තමන් දැඩි ලෙස කණගාටු වන බවයි.
Read Moreකොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා දරන උත්සාහයට සහාය වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය) රජයට රුපියල් මිලියන 25 ක මුදලක් ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.
Read Moreඉන්දියාවේ සංචාරයක නිරතවූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය උපදෙස් ලබාදී ඇත.
Read Moreපී.එස්.එල් තරඟාවලියේ තීරකවරයෙක් ලෙස කටයුතු කල රොෂාන් මහානාම සිය නිවස තුල නිරෝධායනයේ යෙදෙන බව වාර්තා වේ.
Read Moreපාකිස්තානු සුපර් ලීග් (පී.එස්.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහගිවීමෙන් පසු යළි එංගලන්තයට පැමිණි ඇලෙක්ස් හෙල්ස්ට කෝවිඩ්-19 වෛරසයේ රෝගී ලක්‍ෂණ පෙන්නුම්කළ හෙයින් ඔහු ස්වයං නිරෝදානයකට ලක්වීමට තීරණය කර ඇත
Read Moreපාකිස්ථානයේ පැවැත්වෙමින් තිබූ පී.එස්.එල් තරඟවාලිය කොරෝනා වෛරසය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
Read More