ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙබරවාරි 11 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවීමට තීරණය කර ඇති බව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. එමෙන්ම පෙබරවාරි 12 වැනිදා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කාරක සභාවට කැඳවන අතර, එහිදී ශ්‍රි ලංකාවේ ළමා අපයෝජන සම්බන්ධයෙන් වන විශේෂ විගණන වාර්තාව සැලක
ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව තීන්දු කිහිපයක් ගත් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තේරීම් කමිටුව හා ජාතික පුහුණුකරු හා මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කරන අසන්තද මැල් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව විවේචන ඉදිරියටත් පැවැතිය හොත් තරග වර්ජනය කිරීමක නිරත වීමට සූදානම් බවට තමා පැවැසුවේයැයි සමාජ මාධ්‍ය අතර මේ දිනවල සංසරණය වන පුවත සම්පූර්ණයෙන් අසත්‍ය පුවතක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ එංගලන්ත පළමු ඉනිමේදී නායක ජෝ රූට් රැස්කළ ශතක ඉනිම අගයමින්, ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර මහතා පවසා ඇත්තේ, එම ඉනිමෙන් බොහෝ දේ ඉගෙනගැනීමට හැකියාව ඇති බවයි. තරගයේ තෙවැනි දිනය අවසානයේදී ’ස්කයි ස්පෝර්ස්ට්’ වෙත අදහස් දක්වමින් සංගක්කාර මේ බව පැවසීය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ තරග කාලසටහන නිකුත්ව තිබේ. එක්දින තරග තුනකින් හා විස්සයි20 තරග තුනකින් සමන්විත මෙම තරග සංදාරය ජුනි 23දා ආරම්භවීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි 15දා ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතව තිබේ.
Read Moreශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරඟය කඩුලු 6කින් ජය ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස ජෙරොම් ජයරත්න මහතා පත්කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය සඳහා තරගය නතර කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 09ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 339කි.
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 229ක් රැස්කරගෙන සිටියි.
Read Moreඑංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 76ක් රැස්කරගෙන සිටියි.
Read Moreදික්වැල්ල විජිත විද්‍යාලය, හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, පොලොන්නරුව රාජකීය විද්‍යාලය, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය, අම්පාර ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, ත්‍රිකුණාමලය ශාන්ත ජෝශප් විද්‍යාලය, යාපනය මධ්‍ය මහා විද්‍යාලය, ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය, මොණරාගල පැලවත්ත නවෝද්‍යා විද්‍යාලය, මන්නාරම මුරුගන් මධ්‍ය මහා විද්‍යාලය, රත්මලාන හින්දු විදුහල යන ක්‍රීඩා පාසල් මේ යටතේ සංවර්ධනය කිරීමට නියමිතය.
Read Moreපළමු තරගය පරාජය වූවත් හෙට ආරම්භ වන තරගයට යහපත් මානසික මට්ටමකින් මුහුණදීමේ සූදානමින් සිටින බව දිනේෂ් චන්දිමාල් පවසයි. ගාල්ලේදී ආරම්භ වන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය පිළිබඳ අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාකට එක්වෙමින් චන්දිමාල් මේ බව පවසා සිටියේය. වීඩියෝ තාක්‍ෂණය (Virtual Press Conference) ඔස්සේ පැවති මෙම සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අත්දැකීම් අඩුවීමද දිගින් දිගට අසාර්ථකවීමට හේතුවක් බවයි.
Read Moreඑංගලන්තයට එරෙහිව ටෙස්ට් සංචිතයේ සිටින ජාතික ක්‍රීඩිකයෙක් හා කණ්ඩායමට අනුයුක්ත කාන්තා සෞඛ්‍ය නිලධාරිනියක් වැරදි ලෙස හැසිරී ඇති බවට වන වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්තාවක් කැඳවා තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
Read Moreලසිත් මාලිංග ලීග ක්‍රිකට් තරගවලින් සමු ගැනීමට තීරණය කර ඇති බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නිවේදනය කරයි. ලසිත් මාලිංග ඒ සම්බන්ධයෙන් වන තීරණය මේ මස මුලදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට දන්වා ඇති බවද එම කණ්ඩායම නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
Read More2021 ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයෙක් ලෙස කුමාර් සංගක්කාර එක්ව තිබේ.
Read Moreඑංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් පසු තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර තනතුරෙන් ඉවත් වෙන බව අසන්ත ද මැල් ප්‍රකාශ කර සිටියි.
Read Moreඑංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට නම් කර තිබූ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් ක්‍රීඩකයන් 5ක් නිදහස් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.
Read More2017 ඩුබායි හී දී මා නායකත්වය දැරූ සංචාරයකදී මාගේ සහෝදර ක්‍රිඩකයා යම් කාන්තාවක් ( අද ඔහුගේ දෙවෙනි බිරිය ) සංචාරයට රැගෙන විත් ඇයව ඔහුගේ කාමරයේ තියාගැනීමට එවකට සිටි කළමනාකරුගෙන් අවසර ඉල්ලා තිබිණ. එවිටත් ඔහු විවාහක එක්දරු පියෙක් බැවින් කණ්ඩායම් නායකයා ලෙස මම ඒ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළෙමි.
Read Moreවසර 8කට පසුව සිය ටෙස්ට් දිවියේ ශතකයක් වාර්තා කිරීමට ළහිරු තිරිමාන්න සමත්වූයේය. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළම ටෙස්ට් තරගයේදීය.
Read Moreටෙස්ට් ඉනිම 4කදී පිට පිට ලකුණු නොලබා පිටියෙන් දැවී ගිය කුසල් මෙන්ඩිස් අද ලකුණු 15ක් ලබා ගැනීමට සමත් විය. ඒ එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉනිමේදීය. මේ අතර මෙන්ඩිස් සිය ඉනිම ආරම්භ කිරිමට පෙර සුවිශේෂි සිදුවීමක් අද තරගය අතර තුර සිදුවිය.
Read Moreසත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 127ක් රැස්කරගෙන සිටියි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අකිලි ධනංජයට නැවතත් ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීමට අවස්ථාව හිමිව තිබේ. ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පරීක්ෂණ මගින් හෙළිව ඇති හෙයිනි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් මින් ඉදිරියට ජාත්‍යන්තර හෝ දේශීය තරග සඳහා තේරීම්වලට එක් නොවන බව සඳහන් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10කින් පහසුවෙන් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයද ජයග්‍රහණය කිරීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.
Read Moreදකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 150/4ක් රැස් කරගෙන ඉතා අසීරු තත්ත්වයක පසුවිය. ඒ අනුව ඔවුහු ලකුණු 05ක් පමණක් ඉදිරියෙන් සිටියි.
Read Moreශ්‍රී ලංකා සංචාරයට එක්වූ එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලීට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය පවසයි.
Read Moreශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වූ අතර, දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 148ක් රැස්කරගෙන සිටියේය.
Read More