saravita-anim2

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

Sports - timelapse 6580 hours ago

LATEST

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 43ක ජයක්

calendar_today 2021 මාර් 06 - 06:52 remove_red_eye - 900  

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ දෙව​න T20 තරඟය ලකුණු 43කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට එරෙහිව හයේ පහර හයක් එල්ල කිරමට ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසය තුළ එවැනි දස්කමක් දැක්වූ තෙවැනි පිතිකරුවා වන්නේ කිරන් පොලාඩ්ය. මීට පෙර දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් හා ඉන්දියාවේ යුවරාජ් සිං එම දක්ෂතාව දැක්වීය.කොදෙව් ක්‍රීඩක කිරන් පොලාඩ් සමත්වූයේය.

Read More

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ පළමු T20 තරඟය කඩුලු 4කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

Read More

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දුපත් අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය හෙට ආරම්භ වෙයි.

Read More

අපි ජීවිතයේ පරාජයට මුහුණපාපු අවස්ථා ගණනාවක් තියෙනවා. 2015 ජනවාරි 08 වැනිදා අපි පරාජය වෙලා ගෙදර ගියා. අපේ පක්ෂය අපිට අහිමි වුණා. මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් පිට පක්ෂයක් අපි ගොඩනැඟුවා. ගොඩනඟලා අවුරුදු 4ක් ඇතුළත සියලු අභියෝගවලට මුහුණදීලා අපි නැවතත් රටේ ආණ්ඩු බලය දිනාගත්තා. එහෙම කරන්න පුළුවන් වුණේ මම විශ්වාස කරනවා බාල කාලයේ ක්‍රීඩාවේ යෙදිලා ඉවසීම වගේම පරාජයත් පුරුදු වෙච්ච නිසා.යුද්ධයේදිත් අපි යුද්ධයක් ජයග්‍රහණය කරනකොට අපිට අවශ්‍ය ඉවසීම, සටන්කාමීත්ව

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස කලක් කටයුතු කළ ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය පත්කර ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී උප සභාපති තනතුරක් සඳහා තරග කිරීමට නාමයෝජනා භාරදුන් බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නම ප්‍රතික්ෂේප වී තිබෙන බවට වාර්තා වෙයි.

Read More

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර වෙළඳ හා ආයෝජන කටයුතු සමඟ ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය ඉහළ පෙළේ නියෝජිත පිරිස සමඟ 2021.02.23 වන දින ශ්‍රී ලංකාවට පැමිණියේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරය සඳහා තරඟ කිරීමට පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් විසින් අද සිය නාමයෝජනා භාර දී ඇ​ත.

Read More

උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දෙයි. සිය ​​ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර සිටියේය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට වීසා ගැටලුවක් හේතුවෙන් අද පෙරවරුවේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග යෑමට නොහැකි වී තිබේ.

Read More

කුසල් පෙරේරා හා කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස පසුගිය දා පත්කරන ලද චමින්ද වාස් සිය තනතුරින් ඉල්ලා අස්වී ඇ​ත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ලහිරු කුමාර හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

Read More

ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු ක්‍රීඩක චමින්ද වාස් පත්කර ඇ​ත.

Read More

ක්‍රියාශීලී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් රටට දායාද කිරීමේ අරමුණින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ’’ජයගමු’’ වැඩසටහන යටතේ ’’පාපන්දු සිකුරාදා (Football Friday)’’ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් හදුන්වාදෙන දෙවන වැඩසටහන් වේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අද සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇ​ත.

Read More

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායක ෆෆ් ඩු ප්ලේසිස් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

Read More

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇති පරිහානිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වීමට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සැකසීමේ අරමුණින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සිවිල් ක්‍රියාකාරිකයින් පිරිසක් එක්ව ගොනු කළ රිට් පෙත්සමට අදාලව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු විධායක කමිටුවට මාර්තු මස 15 වැනිදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙසට (15දා) නොතීසි නිකුත් කෙරිණි.

Read More

කුසල් මෙන්ඩිස් (පුද්ගලික කාරණාවක්), ළහිරු තිරිමාන්න (කොරෝනා ආසාදිත), ධනංජයද සිල්වා (ආබාධයකින් අනතුරුව සුවය ලබමින්), අවිශ්ක ප්‍රනාන්දු (ආබාධ) යන ක්‍රීඩකයන් මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට එක්ව නොමැත.

Read More

චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා ගැනීමට අදාළ ගිවිසුම දෝෂ සහිත බවත් ඒ හේතුවෙන් හතුරුසිංහ මහතා මේ වන විට නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් කොප් කමිටු රැස්වීමේදී අණාවරණය විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම (කෝප් කමිටු රැස්වීම) අතරමඟ අත් හිටුවීමට පියවර ගත් එම කාරක සභාව නැවත මාසයක් ඇතුළත කරුණු විමසීම සඳහා සූදානම්ව පැමිණෙන ලෙස එම ආයතනයට දැනුම් දුන්නේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා විද්‍යා කළමනාකරු ලෙස කටයුතු කළ පෝල් නෝරි මහතා සියි ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පුද්ගලික හේතුවක් මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුුතු කරයි.

Read More

චෙන්නායි හිදී එංගලන්තය සහ ඉන්දියාව අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 227ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද සමත්විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුව සඳහා අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් හා කුමාර් සංගක්කාර පත්කර තිබේ.

Read More

රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු රිච්මන්ඩ් චැම්පියන්ස් ලීග් විස්සයි20 තරගාවලිය හෙට (05දා) සිට එළඹෙන 07 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩංගණයේදී පැවැත්වේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20වන දිනට කැඳවා තිබේ. නාම යෝජනා විවෘත කිරී​ම මෙම මස 24 දින සිදු කරන බව ප්‍රකාශයට පත් කර ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට කොවිඩ් - 19 වෛරස​ය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වර්තමාන පරිපාලනය ’බෝන් එගේන්’ නම් ආගමික න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව විසින් එල්ල කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම චෝදනා සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.