saravita-anim2

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

Sports - timelapse 6167 hours ago

LATEST

එංගලන්ත තරගාවලියට යන සංචිතය නම් කරයි

calendar_today 2021 ජුනි 08 - 18:38 remove_red_eye - 1152  

මෙම කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමිව තිබේ. සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබේ. චරිත් අසලංකට හා අවිශ්ක ප්‍රනාන්දුට කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් හඳුන්වාදුන් නව කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් ක්‍රීඩකයන් හා ක්‍රිකට් ආයතනය අතර එකඟතාවයට පැමිණීමට නොහැකිවීම පිළිබඳව කනගාටුවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ක්‍රිකට් ක්‍රීඩකයන් වාර්ෂික කොන්ත්‍රාතුව අත්සන් කිරීමට එකඟ වී තිබේ. ඒ ක්‍රිකට් ආයතනය හා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර පැවති උණුසුම් සාකච්ජා වට කිහිපයකින් අනතුරුවය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (07දා) හදිසි විධායක රැස්වීමක් කැඳවා තිබේ. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් ගැටලුව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවූ අතර එහිදී තීරණය කර ඇත්තේ අද පස්වරු 3.00ට පෙර ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තුව අත්සන් නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව වසර තුනක ක්‍රිකට් තහනමක් පැනවීමටයි.

Read More

කෙසේ වෙතත් ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කර සිටියේ මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්, තාක්ෂණික කමිටුවේ සමාජිකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරීන් කිහිප දෙනෙකු අතර ටාජ් සමුද්‍රා හෝටලයේ දැඩි උණුසුම් සාකච්ඡාවක් සිදුවන බවයි. දෙපාර්ශවයම මේ අවස්ථාව වනවිටත් කිසිම එකඟතාවයකට පැමිණ නොමැති බවද වාර්තාවේ.

Read More

ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා කොන්ත්‍රාත් පිරිනැමීමේදී තම කමිටුව සියලුම ක්‍රීඩකයන්ට උපරිම සාධාරණයක් කර තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් ඕනෑම ක්‍රීඩකයෙකු සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත් ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා ’අද’ට පැවසීය.

Read More

එළඹෙන 2022 වර්ෂයේ ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැණීමේ පාපන්දු තරගාවලියේ ලෙබනනය සමගින් පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට ගෝල 3-2 ක පරාජයක් හිමිවිය. තරගාවලියේ ආසියානු කලාපයේ එච් කාණ්ඩයේ (දෙවැනි වටයේ) තරගයක් ලෙසින් මෙය අද (05දා) දකුණු කොරියාවේදී පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් පස්දෙනෙකු වෙනුවෙන් පැවැත්වූ ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔවුන් සියළුදෙනා සමත්වී ඇත. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සඳහා සහභාගිවීමට නොහැකිවූ හා පෙර පැවති යෝග්‍යතා පරීක්ෂණ වලින් අසමත්වූ ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකියන් වෙනුවෙන් මෙම පරීක්ෂණය පැවැත්විණි.

Read More

හිටපු නායක සනත් ජයසූරිය, ඔස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජයක් වන මෙල්බර්න්හි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත. මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ නායක ලෙස මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලංකා හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරයි. එමෙන්ම ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගද මේ වනවිට එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩාකරනු ලබයි.

Read More

මංගල ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ ලොව 07 වැනි පිතිකරුවා ලෙසත්, එවැනි දස්කමක් දැක්වූ දෙවැනි නවසීලන්ත පිතිකරුවා ලෙසත් සුවිශේෂී කඩයිමක් පසුකිරීමට නවසීලන්ත ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේ අද (03දා) සමත් විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තරගාවලි අතරතුරදී විවිධ වූ අබාධයන්ට ලක්වීම පසුගිය කාලයේ විශේෂයෙන් කථාබහට ලක් වූ කරුණකි. ඒ හේතුවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉහළ මට්ටමක තබා ගැනීමේ අරමුණින්, යෝග්‍යතා පරීක්‍ෂණයක් පවත්වා ඉන් සමත්වන ක්‍රීඩකයන් පමණක් සංචිත ගතකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් මේ වනවිට තීරණය කර ඇත.

Read More

ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීම ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සිහිනයක්. ඉනුත් පිතිකරුවෙක් නම් ශතකයක්, පන්දු යවන්නෙක් නම් කඩුලු 05ක් දවාගැනීම ක්‍රීඩකයෙකුගේ සිය ක්‍රීඩා දිවියේ සඳා නොමැකෙන සලකුණක්. එවන් සුවිශේෂී අවස්ථාවක් උදාකර ගැනීමට නවසීලන්තයේ ඩෙවොන් කොන්වේ ඊයේ (02දා) සමත් විය.

Read More

සංචාරක අයර්ලන්ත කණ්ඩායම පරාජය කර පළමු එක්දින තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් ලැබීමට සත්කාරක නෙදර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර, මෙම ජයත් සමඟ අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව අභිබවා පියවර කිහිපයක් ඉදිරියට පැමිණීමටද නෙදර්ලන්තයට අවස්ථාව උදා විය.

Read More

ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ජාතික ශූර නිලූක කරුණාරත්න එළඹෙන ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් හිමිකර ගෙන ඇත. පසුගියදා පැවති පෘතුගාල විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණිමට සමත්වීම හේතුවෙන් නිලූක මෙම සුදුසුකම හිමිකර ගත්‍තේය.

Read More

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සිය එක්දින දිවියේ පන්දුයවන්නන් අතර හොඳම ශ්‍රේණිගත කිරීම වාර්තා කොට ඇත. ඒ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ 33 වැනි ස්ථානයට පත් වෙමිනි.

Read More

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ප්‍රධාන පෙළේ තරගාවලිහි ඉදිරි තරග සැලසුම් අයි.සී.සී. ක්‍රීඩා පාලක මණ්ඩලය විසින් ඊයේ (01දා) රාත්‍රියේදී නිවේදනය කළේය. ඒ අනුව විස්සයි20 ලෝක කුසලානය සෑම වසර දෙකකට වරක් පැවැත්වීමටත්, එක්දින හා විස්සයි20 ලෝක කුසලානයේ කණ්ඩායම් සංඛ්‍යාව වැඩි කිරීමටත්, ශූරයන්ගේ කුසලානය නැවත වරක් පැවැත්වීමටත් අයි.සී.සී. ක්‍රීඩා පාලක මණ්ඩලය තීරණය කර ඇත.

Read More

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් නායකත්වයෙන් අස්ගර් ඇෆ්ගන් ඉවත්කිරීමට තීරණය කළ බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වමත් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ට බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ධුරය සඳහා ඉල්ලීමක් ලැබී ඇත. කෝවිඩ්-19 තත්වය හේතුවෙන් බංග්ලාදෙශ කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු පුහුණුකරු ඩැනියෙල් විටෝරිට එම කණ්ඩායම සමගින් එක්වීමට නොහැකිවීම නිසා හේරත්ට මෙම තනතුරට ඉල්ලුමක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ආසියානු ආධුනික බොක්සිං ශූරතාවලියේ කාන්තා කි.ග්‍රෑ. 51 (Flyweight) බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නදීකා පුෂ්පකුමාරි සමත් වූවාය.

Read More

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත්ව ඇතැයි වාර්තාවේ. ඒ ඔහුගේ පෞද්ගලික හේතුවක් නිසාවෙනි.

Read More

පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන ආසියානු කලාපීය වටයේ දෙවැනි අදියරේ තරග සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (31දා) දකුණු කොරියාව බලා දිවයිනෙන් පිටත්වයාමට නියමිතව ඇත. සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුතු ක්‍රීඩකයන් 22කින් සමන්විත සංචිතයක් මේ සඳහා නම්කර ඇත.

Read More

එළැඹෙන එංගලන්ත තරග සංචාරය ඉලක්ක කරගනිමින් සිදුකළ ශාරීරික යෝග්‍යතාව අසමත් ක්‍රීඩකයින් දෙදෙනාට එම සංචාරයට ඇතුළත්වීම සඳහා තවත් අවස්ථාවක් තිබෙන බව අප කළ විමසුමේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙළ‌ එළඹෙන (2020) ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ඇත. ඒ මීටර් 10 වායු රයිෆල් වෙඩි තැබීමේ ඉසව්වෙනි. ටෙහානි මෙම ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවද හොබවයි. 35 හැවිරිදි ටෙහානි සිය ඉසව්වෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 223 වැනි ස්ථානයේ මේ වන විට පසුවේ.

Read More

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තුන්වැනි එක්දින ජාත්‍යන්තර තරඟය ලකුණු 97කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

සත්කාරක බංග්ලාදේශය සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුණු 286 ක් රැස් කළේය.

Read More

සිය එක්දින දිවියේ 6 වැනි ශතකය වාර්තා කිරීමට එක්දින කණ්ඩායමේ නායක කුසල් පෙරේරා සමත්වූයේය.ඒ බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදීය.

Read More

සංචාරක ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය හෙට (28දා) බංග්ලාදේශයේ ඩකා හිදී පැවැත්වේ.

Read More

කෝපා ඇමරිකානු පාපන්දු තරගාවලියේ පූර්ණ සත්කාරකත්වය ආර්ජන්ටිනාවට ලබාදීමට දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය (CONMEBOL) තීරණය කර ඇත.

Read More

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් එළිදැක් වූ එක්දින පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව බංග්ලාදේශ දඟපන්දු යවන ක්‍රීඩක මෙහිදි හසාන් මිරාස් 05 ස්වැනි ස්ථානයේ සිට ලොව 02 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

Read More

ශ්‍රී ලංකාවට එරෙහි​ව පළමුවරට එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වි​ය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.