saravita-anim2

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

Sports - timelapse 6066 hours ago

LATEST

පිටියෙත්, පිටියෙන් පිටත් හැසිරීම් ගැන කණගාටුයි - සංගා

calendar_today 2021 ජුලි 01 - 19:21 remove_red_eye - 1366  

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ කණගාටුවක් දැනෙන බවත්, මෙරට පළමු පෙළ ක්‍රීඩාව දක්‍ෂ ක්‍රීඩකයන් නිපදවීමට තරම් හොඳ මට්ටමේ නොමැති බව ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරු හා වත්මන් එම්.සී.සී. ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාර ප්‍රකාශ කරයි. බ්‍රිතාන්‍ය ස්කයි ස්පෝට්ස් මාධ්‍ය සමගින් එක්වී හෙතෙ

ශ්‍රී ලංකා - එංගලන්ත දෙව​න එක්දින ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විණි. ඒ අනුව තරඟයේ පළමුව පන්දු යැවීම​ට එංගලන්තය තීරණය කර තිබේ. ආබාධ වලට ලක්ව සිටි ධනංජය ද සිල්වා සහ අවිශ්ක ප්‍රනාන්දු අද කණ්ඩායමට ඇතුලත්ව ඇත.

Read More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉදිරියේදී පැවැත්වෙන එක්දින හා විස්සයි20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ, එහෙත් මෑතකදී ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම පුහුණු සංචිතයකට කැඳවා ඇති බව වාර්තා වේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය අද (01) මෙරට වේලාවෙන් පස්වරු 5.30 ට ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාපිටියේදී ආරම්භ වෙයි.

Read More

ජපානයේ පැවැත්වෙන මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමට පිහිණුම් ශූරයන් වන මැතිව් අබේසිංහ හා අනිකා ගෆූර් අද (30දා) සමත් වූහ.

Read More

එංගලන්තය සමග නිමා වූ 20යි 20 තරගාවලියේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ති​බේ. ඔහු මීට පෙර එහි 10 වැනි ස්ථානයේ රැදී සිටියා.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ද පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

Read More

එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද පැවැත්වෙන එක්දින තරගය එංගන්ත නායක ඔයින් මෝගන්ගේ 244 වැනි එක්දින තරගය වෙයි.

Read More

එංගලන්ත - ශ්‍රී ලංකා පළමු එක්දින තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම 185ක් රැස් කළේය. නායක කුසල් පෙරේරා සහ වනිඳු හසරංග සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 99ක් එක් කළහ. ඩේවිඩ් විලී පන්දු ඕවර 10ක් යවා ලකුණු 44කට කඩුලු 3ක් දවාගත් අතර ක්‍රිස් වෝක්ස් ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත්තේය.

Read More

2021 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වීමට තීරණය කළ බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කර සිටියි.

Read More

මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිඩකයන් තිදෙනෙක් එක්දින වරම් ලබා තිබේ. චරිත් අසලංක, ධනංජය ලක්ෂාන් හා ප්‍රවීන් ජයවික්‍රම එම ක්‍රීඩකයන් වෙයි.

Read More

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විණි. ඒ අනුව තරඟයේ පළමුව පන්දුවට පහරදීමට එංගලන්තය තීරණය කර තිබේ. චරිත් අසලංක,ධනංජය ලක්ෂාන්,ප්‍රවීන් ජයවික්‍රමට එක්දින ජාත්‍යන්තර වරම් හිමි වී තිබේ.

Read More

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ද ආබාධයකට ලක්වී තිබේ. නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට අද තරගයේ දී ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වනු ඇතියි.වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ චරිත් අසලංක ද අද දිනයේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Read More

එංගලන්ත සංචාරයට එක්ව සිටියදී විනය හේතුන් මත යළිත් ශ්‍රී ලංකාවට කැඳවූ උපනායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක හා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අද (29දා) ශ්‍රී ලංකාවට පැමිණියේය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය අද (29) ආරම්භ වීමට නියමිතයි.

Read More

’’මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරා රැගෙන යෑමේ උත්සාහයේදි රට නියෝජනය කිරීම සඳහා තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව සහ කාලය ආයෝජනය කළ හැකිය. කෙසේ වෙතත් රට වෙනුවෙන් අරමුණකට ක්‍රීඩා නොකිරීම හා විනය විරෝධි ක්‍රියාවන්හී නිරතවීම මෙහිදි නොඉවසිය යුතු කාරණාවන්ය. මෙම සීමාවන් ඉක්මවන ක්‍රිකට් ක්‍රීඩකයින් එරෙහිව ක්‍රිකට් ආයතනය දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි.’’

Read More

විනය විරෝධී ලෙස ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටතට යාම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්,නිරෝෂන් දික්වැල්ල,දනුෂ්ක ගුණතිලක යන අයට තාවකාලික තරඟ තහනමක් පැණවිමට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

Read More

(UPDATE) එංගලන්ත තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක හා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව හා පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලියකට එක්වීම සඳහා ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව බලා පිටත්ව තිබේ.

Read More

එම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය එංගලන්තයේ සිටින කණ්ඩායම් කළමනාකරුගෙන් කරුණු විමසා ඇති බවද දැනගන්නට තිබේ. මූලිකම ඔවුන් දෙදෙනා තරගාවලිය සම්බන්ධයෙන් වූ ප්‍රොටෝකෝලය බිඳ දමා ඇත්දැයි මෙහිදී කණ්ඩායම් කළමනාකරුගෙන් විමසා ඇති බව වාර්තා වෙයි.

Read More

“හරියට ඔවුන් මීට කලින් ක්‍රිකට් ක්‍රීඩා කරලා නෑ වගෙයි. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස මටනම් ඒ පිළිබඳව ගොඩක් කනගාටුයි. ඒ පළමු අවස්ථාව නෙමෙයි. ඒක දිගු කාලයක සිට දැන් සිදුවෙනවා. ජාතියේ අභිමානයට හානිවෙලා”

Read More

තම රට පිළිබඳව කිසිඳු තැකීමක් නොකරමින් ක්‍රීඩා කරන මෙම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙපළක් ඊයේ රාත්‍රී 11.28ට පමණ ඩර්හැම් නගරයේ වීදියක සිටිමින් විනෝදවන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතී.

Read More

ජපානයේ ටෝකියෝ අගනුවර දී ලබන මස 23 වැනිදා ආරම්භ වන 2020 ඔලිම්පික් ක්‍රිඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලාංකේය ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වටිනාකම හිමිකර දීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මූලිකත්වය ගෙන තිබේ.

Read More

ඔහු පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තීරණාත්මක අවස්ථාවක පවතින බවත් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීමට වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය. එසේම ඊයේ දිනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායකම දිනයක් බවද ඔහු පැවැසීය.

Read More

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලි තරගාවලියට ක්‍රීඩා කළ කණ්ඩායම් 9 අතරින් වඩාත් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් ලෝක ටෙස්ට් ශූරතා කණ්ඩායම ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර ති​බේ.

Read More

එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය මූල්‍යමය ගැටලුවක් හේතුවෙන් අවලංගු කිරීමට, 2024 වසර දක්වා එල්.පී.එල් තරගාවලියේ අයිතිය හිමි IPG සමාගම කටයුතු කර ති​බේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ඉතා පහසුවෙන් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද(26) සමත් වුණා.

Read More

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

Read More

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ඉදිරි සීමිත පන්දුවාර තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත පිතිකරු ජොස් බට්ලර්ට අහිමි වී ති​බේ.

Read More

ශ්‍රී ලංකා - එංගලන්තය අත​ර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්තය සමත් වි​ය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.