saravita-anim2

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

Sports - timelapse 5971 hours ago

LATEST

වනිදුට තුන්වන එක්දින තරගය අහිමි වෙයි

calendar_today 2021 ජුලි 23 - 11:37 remove_red_eye - 644  

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග පාදයේ ආබාධයක් හේතුවෙන් අද පැවැත්වෙන තුන්වන එක්දින තරගය සඳහා එක්වීම අවිනිශ්චිත බව වාර්තා වෙයි.

ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරගය අද පස්වරු 3.00 එය ආරම්භ වෙයි. කෙසේ වෙතත් තරගාවලිය මේ වනවිටත් 2-0ක් ලෙස ඉන්දීය කණ්ඩායම ජයගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් හා නායක දසුන් ශානක අතර ක්‍රීඩාංගනයේ දී ඇති වූ වචන හුවමාරුව සම්බන්ධයෙන් දසුන් ශානක අද අදහස් පල කර සිටියා.

Read More

ඉන්දීය කණ්ඩායම සමග පසුගිය 20 වැනිදා කොළඹ පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී නියමිත කාලයට පන්දුවාර 50 යවා නිම නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබේ.

Read More

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද ප්‍රකාශයට පත් කර ති​​බේ. වනිඳු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම 20-20 පන්දු ‍යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල 3වන ස්ථාන​ය තෙක් ඉදිරියට පැමිණ තිබේ.

Read More

රසල්ට මිකීගෙන් පිළිතුරු - කණ්ඩායමක් ලෙස එකට දිනන බවත් එකට පරදින බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (20දා) පැවැති එක්දින තරගයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක හා පුහුණුකරු මිකී ආතර් අතර වූ සංවාදය ක්‍රීඩකාගාරයේදී සිදුවිය යුතුව දෙයක් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග විස්තර විචාරක රසල් ආනෝල්ඩ් පවසයි. ඔහු පවසන්නේ එය පිටිය තුළ සිදු නොවිය යුතු දෙයක් බවයි.

Read More

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වූ දෙවන එක්දින තරගය කඩුළු 3 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වි​ය.

Read More

චාමික යනු තවත් ක්‍රීඩා දෙකකම ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගිය ක්‍රීඩකයෙක් බව ඔබ දන්නවාද? ක්‍රිකට් ක්‍රීඩාව සමග ඔහු ක්‍රීඩා තුනකින් ශ්‍රී ලංකාව ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ නියොජනය කර තිබේ.

Read More

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස් කිරීමට සමත් විය.

Read More

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අ​ද පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Read More

ඊයේ (18) පැවැති අයි.සී.සීයේ 78 වන වාර්ෂික මහා සභා රැස්වීමේ දී තවත් රටවල් 3ක් ජගත් ක්‍රිකට් කවුන්සලයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිළධාරීන්ගේ හා හිටපු ක්‍රිකට් නායකයින්ගේ ද සහභාගිත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ රැස්වීම කල් දමා තිබේ. ඒ අනුව එම රැස්වීම ලබන දෙවනදා පස්වරු 3ට පැවැත්වීමටයි සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් නිළධාරීන්ට ද මෙම සාකච්ඡාවට ආරාධනා කර තිබූ බව වාර්තා වුණා.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිළධාරීන් හා හිටපු ක්‍රිකට් නායකයින් ද එක්වන විශේෂ රැස්වීමක් ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් අද(19) දිනයේ දී සංවිධාන කර ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වි​ය. ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබා ගැනීමට සමත් වි​ය.

Read More

තරගයේ කාසියේ වාසිය දින පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 09ක් දැවී ලකුණු 262 ක් රැස් කිරීමට සමත් විය.

Read More

ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ශ්‍රී ලාංකික කාන්තාවක් ඔලිම්පික් තරගාවලියක් විනිශ්චය කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ.

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දින ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී ති​බේ.

Read More

2020 ජපාන ඔලිම්පික් තරගාවලියේ පදක්කම් ජයග්‍රාහික ජයග්‍රාහිකාවන්ට පදක්කම් පැළදීමට යොදා ගන්නා වේදිකාව ඉතිහාසයට එක්ව තිබෙනවා. ඒ එම වේදිකාව ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් වලින් සෑදීම හේතුවෙනි.

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අද (18) ආරම්භ වෙයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙක් වශයෙන් හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හිරු ටී.වී. සළකුණ වැඩසටහනේදී සඳහන් කළ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස් හා දිමුත් කරුණාරත්න ඔහුට ලිපියකින් පිළිතුරු ලබා දී තිබේ.

Read More

ගේම් එකට බැස්සාම අපි දන්නවා ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා. අපේ අය එංගලන්තයට ගිහින් අත්දැකීම් අරගෙන ඉන්නේ. ක්‍රීඩා ලෝලීන්ට කියන්න තියෙන්නේ පසු බැසීම් එනවා. පසු බැසීමක් ආවොත් තමයි ඉදිරියට යන්නේ. මේ තරගාවලියේදී අපේ ක්‍රීඩකයන් දක්ෂතාවලට ඇවැති හොඳ තරගයක් දෙයි. අපේ ක්‍රීඩකයන්ව පහළ දාන්න හොඳ නෑ දිරිමත් කරන එකයි කරන්න තියේනේන් ඉදිරියට යද්දී.

Read More

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත කර ඇති අයුරු ජගත් ක්‍රිකට් කවුන්සලය අද නිවේදනය කර සිටියේ​ය.

Read More

මෙම සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර ධනංජය ද සිල්වා එහි උපනායක ලෙස නම්කර තිබේ. නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් සංචිතයේ ඉඩක් බොහෝ දෙනෙකුගේ කථා බහට ලක්වූ භානුක රාජපක්ෂ වෙත හිමිව තිබේ.

Read More

වම් වළලුකරේ ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට ඉන්දියාවට එරෙහි එක්දින තරගය ක්‍රීඩා කිරිමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

උරහිසක ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට සති 6ක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බව වාර්තා වෙයි.

Read More

ධම්මික ප්‍රසාද්ගෙන් මුරලිට විවෘත ලිපියක්..

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හා සාකච්ඡාවක් ඉල්ලා දිනේෂ් චන්දිමාල් යොමුකළ ලිපියට ක්‍රිකට් ආයතනය විසින් පිළිතුරු යොමුකර තිබේ.

Read More

එංගලන්ත තරග සංචාරයේ දී ඇතිවූ උරහිසක ආබාධය මෙතෙක් සුව නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එළඹෙන ඉන්දීය තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.