එංගලන්තයේ පැවැති ද හන්ඩර්ඩ් ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායමට හිමිවිය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඉතිරි තරග සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 18 දෙනෙකු ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියි. ක්‍රීඩකයින් කාණ්ඩ හතරක් යටතේ තෝරාගෙන ඇති අතර දක්ෂතාවය, යෝග්‍යතාවය, නායකත්වය/ජ්‍යෙෂ්ඨත්වය, වෘත්තීයභාවය ඇතුළු නිර්ණායකයන් රැසක් මත පදනම්ව ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදු කර තිබේ.අගෝස්තු 01 සිට බලපැවැත්වෙන පරිදි එම ගිවිසුම් අත්සන් කර ඇති අතර, නව කොන්ත්‍රාත්තු මාස 05 ක කාලයක් සඳහා වලංගු වෙයි.
Read Moreපන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රබල ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබේ.
Read Moreකෙන්යාවේ නයිරෝබිහිදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ (අවු. 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 800 කාන්තා අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න අද (19දා) සමත් වූවාය.
Read Moreකෙන්යාවේ නයිරෝබිහිදී අද (18දා) ආරම්භ වූලෝක කනිෂ්ඨ(අවු. 20න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 4x400 මිශ්‍ර සහාය ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ලොව 07වැනි ස්ථානය දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන් කිරීම සඳහා විනාඩි 3.26.39ක කාලයක් වාර්තා කළ අතර, එය ශ්‍රී ලංකාව වාර්තා කළ පෞද්ගලික හොඳම කාලයද විය.
Read MoreInvitational T20 Leagueහි 7 වන තරගයෙන් ජය වාර්තා කිරීමට SLC Reds කණ්ඩායම අද(18) සමත් විය. ඒ SLC Blues කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත් කරමින්ය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආරම්භක පිතිකරුවෙකු වන ළහිරු තිරිමාන්න ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සමාජයක් වන මල්ග්‍රේව් ක්‍රිකට් සමාජය (Mulgrave Cricket Club) සමගින් ගිවිසුම් ගතව ඇත.
Read Moreකෙන්යාවේ නයිරෝබිහි නයෝ ක්‍රීඩා සංකීර්ණයේදී අද (18දා) ආරම්භ වූ ලෝක කනිෂ්ඨ (අවු. 20න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 4x400 මිශ්‍ර සහාය ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.
Read Moreඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ආරක්‍ෂිතව සිටින බවත්, ඔවුන් ලබන සතියේදී බොහෝදුරට ශ්‍රී ලංකාව බලා පිටත්ව යනු ඇති බවත් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ (ඒ.සී.බී.) ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් ෂින්වාරි පවසයි. තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලනය සියතට ගැනීමෙන් පසු එරට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකරමින් ඊයේ (17දා) ඔහු මේ බව පවසා සිටියේය.
Read Moreඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා පිතිකරුවෙක් මෙන්ම පුහුණුකරුවෙක් වෙන අවිශ්ක ගුණවර්ධන මහතා පත්කර තිබේ.
Read Moreතලේබාන් සංවිධානය කාබුල් නුවර බලය සියතට ගැනීමත් සමග ඇෆ්ගනිස්ථානයේ යුද්ධය අවසන් විය. යුද්ධය අවසන් වුවත්, දැඩි හිංසාවාදී පාලනයක් ඇති තලේබාන් සංවිධානය ඉදිරියේදී රට තුළ සිදුකරන්නා වූ වෙනස්කම් අනුව එරට ක්‍රීඩාවට කුමන බලපෑමක් එල්ලවනු ඇත්දැයි කිව නොහැක.
Read More2021 අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කර තිබේ. පළමු වටයේ තරග සදහා ශ්‍රී ලංකාව ද ක්‍රීඩා කිරීමට නියමිත ඇති අතර ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 18 වනදා නැමීබියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
Read MoreInvitational T20 League 6 වැනි තරගයෙන් අද (16) ජය වාර්තා කිරීමට SLC Greys කණ්ඩායම සමත් විය. ඔවුන් හමුවේ ලකුණු 16කින් පරාජයට පත් වූයේ SLC Blues කණ්ඩායමයි.
Read MoreInvitational T20 League 5 වැනි තරගයෙන් ජය වාර්තා කිරීමට SLC Reds කණ්ඩායම සමත් විය.ඔවුන් හමුවේ කඩුලු 10කින් පරාජයට පත් වූයේ SLC Greens කණ්ඩායමයි. පළමුවෙන් පන්දුවට පහරුන් Greens කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 143ක් රැස් කළා.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුසල් ජනිත් පෙරේරාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඔහුට බොහෝදුරට දකුණු අප්‍රිකානු තරඟාවලිය අහිමි වනු ඇතියි.
Read MoreInvitational T20 League ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහා ධනංජය ද සිල්වා, චරිත් අසලංක හා චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් මේ වන විට මහනුවරට පැමිණ තිබේ.
Read MoreInvitational T20 League ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට SLC Blues කණ්ඩායම සමත් විය.
Read MoreInvitational T20 League ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට SLC Greys කණ්ඩායම සමත් විය.
Read MoreInvitational T20 Leagueහි දෙවැනි තරගයෙන් SLC Reds කණ්ඩායම පරදා ලකුණු 56ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට SLC Blues කණ්ඩායම අද(13) සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ SLC Blues කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 148ක් ලබා ගැනීමට සමත් විය.
Read MoreInvitational T20 League ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට SLC Greys (අළු) කණ්ඩායම සමත් විය. ඔවුන් හමුවේ එක් ලකුණකින් පරාජයට පත් වූයේ SLC Greens (කොළ) කණ්ඩායමයි.
Read Moreඑම්.සී.සී. ක්‍රීඩා සමාජයේ සභාපති ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර මහතාගේ ආරාධයෙන් ලොඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දීය හා එංගලන්ත ටෙස්ට් තරගය නැරඹීමට රොෂාන් මහානාම එක්ව තිබේ.
Read Moreඑක්දින තරග තුනක් සහ පන්දුවාර 20 යි 20 තරඟ තුනක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත දකුණු අප්‍රිකානු එක්දින හා විස්සයි සංචිතයන් නම් කර තිබේ.
Read Moreපවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබු Invitational T20 Leagueහි තරග දෙක හෙට පැවැත්වීමට තීරණය කෙරෙයි. Greys හා Greens කණ්ඩායම් අතර තරගය සහ Blues හා Reds අතර තරගය මෙලෙස හෙට දක්වා කල් දමා තිබේ.
Read Moreදකුණු අප්‍රිකානු කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සහ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ පියවරක් ලෙස පැවැත්වෙන Invitational T20 League ක්‍රිකට් තරගාවලිය අද(12) ආරම්භ වෙයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් දෙදෙනෙක් කොවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් හා කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ක්‍රීඩකයින් 10 දෙනෙකුට අහිමි වී තිබේ.
Read Moreබාසිලෝනා කණ්ඩායමෙන් ඉවත් වූ ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායම සමග එක්ව තිබේ.
Read Moreශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම සමග එක්ව තිබේ.
Read Moreනවසීලන්ත කණ්ඩායමේ එළඹෙන බංග්ලාදේශ හා පාකිස්තාන තරග සංචාර සදහා පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර පත් කර ඇත.
Read More