saravita-anim2

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

Sports - timelapse 5746 hours ago

LATEST

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවැනි විස්සයි විස්ස තරඟය අද

calendar_today 2021 සැප් 12 - 09:46 remove_red_eye - 296  

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අද (12) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව දෙවන තරගය අද (12) රාත්‍රී 7.00 ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර හෙට පැවැත්වීමට නියමිත දෙවන පන්දුවාර විස්සයි විස්ස තරඟයට ක්‍රීඩා කිරීමට කුසල් ජනිත්ට අවස්ථාව හිමි වන බවට වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා​ව අතර පැවැත්වූ පළමු විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 28ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකා​නු කණ්ඩායම සමත් විය.

Read More

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පලමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 163ක් රැස් කිරීමට සමත් විය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට දකුණු අප්‍රිකාව සමත් වි​ය.

Read More

’’දකුනු අප්‍රිකා කණ්ඩායමේ වැඩිපුරම අත්දැකීම් තියෙන දෙන්නම වමතින් පිත්ත හසුරුවන අය.ඉතින් ඩිකොක් දවාගන්න මම හිතනවා අපිට ඉන්න හොදම ඔප්ශන් එකක් තමයි රමේෂ් මෙන්ඩිස් ’’

Read More

එංගලන්තය හා ඉන්දියාව අතර මැන්චෙස්ටර්හී දී අද(10) ආරම්භ වීමට නියමිතව තිබූ පස්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අවලංගු කිරීමට තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (10) පැවැත්වීමට නියමිත පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය කුසල් ජනිත් පෙරේරාට අහිමි වන බවට වාර්තා වෙයි.

Read More

2021 විස්සයි-20 ලෝක කුසලානය සඳහා වන ඇෆ්ගනිස්තාන අ​ද සංචිතය නම් කරනු ලැබුවා. එහි නායකත්වය හිමි වී තිබුනේ රශීඩ් ඛාන් හටය.කෙසේ නමුත් සංචිතය ප්‍රකාශයට පත්කොට සුළු වේලාවකින් රශීඩ් ඛාන් නායකත්වයෙන් ඉල්ලා අස් වී ති​බේ.

Read More

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය හෙට(10) ආරම්භ වීමට නියමිතයි. මීට පෙර සියලු තරග රාත්‍රී 8ට ආරම්භ කිරීමට නියමිතව ඇති බවට සදහන්ව තිබූ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ සියලු තරග රාත්‍රී 7ට ආරම්භ කරන බව​ටයි.

Read More

ඕමානයේදී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම කැඳවීමට පියවර ගෙන ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව පුලින තරංග,මහීෂ් තීක්ෂණ යන ක්‍රීඩකයින් සංචිතයට කැඳවා ඇති බවට වාර්තා වෙයි.

Read More

’’මම දකුණු අප්‍රිකානු තරගාවලියෙදී ගොඩාක් උත්සාහ කළේ ලකුණු අඩුවෙන් දෙන්න. කඩුලු ගන්නවාට වැඩිය. නමුත් අන්තිම මැච් එකේ තමයි මට හොඳටම පන්දු යවන්න හම්බවුණේ. IPL ක්‍රීඩා කරන ක්‍රීඩාංගණවලමයි ලෝක කුසලානයත් ක්‍රීඩා කරන්නේ. මම හිතනවා ඒකත් මට ලොකු අත්දැකීමක් වෙයි කියලා. ලෝක කුසලානයට පෙර මට ඒ තණතීරුවල පන්දුයවලා අත්දැකීමක් ගන්න පුළුවන්.’’

Read More

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය ක​ර ඇත. එළඹෙන ලෝක කුසලාන තරගාවලීන් ඉලක්ක කොටගනිමින් මෙම පුහුණුකරුවන් නම් ක​ර ඇත.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානම් වීමක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඕමාන ක්‍රිකට් කණ්ඩායම අතර විස්සයි20 පුහුණු තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය අද(8) ප්‍රකාශයට පත් කෙරිණි. විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වෙයි. නිමා වූ ශ්‍රී ලංකා සංචාරයේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙය වූ ශිකර් ධවාන් සහ යුස්වේන්ද්‍ර චහෙල් මෙම සංචිතයට ඇතුලත් වී නොමැත.

Read More

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු එක්දින තරගයේදී චාමික කරුණාරත්න හා නායක දසුන් ශානක අතර ඇති වූ සංවාදයක කොටසක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය විය.

Read More

මම දක්කා ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබුණා එක එක ඒවා. ඇත්තටම වේග පන්දු යවන්නෙක් ලෙස මම ඉස්සරහ ඉදන් මැච් එක බලන්නේ. රී ප්ලේ එකක්, රිවිව් එකක් බලන්න වෙන්නේ නෑ. විකට් එකක් ගිය හැම අවස්ථාවකදීම මම ඇතුළට ගිහින් බලනවා රී ප්ලේ එක.

Read More

ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද (8) ප්‍රකාශයට කර තිබිණි. දකුණු අප්‍රිකාවට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දී ලකුණු 196ක් රැස් කරමින් දැක් වූ සුවිශේෂී දක්ෂතාව හේතුවෙන් එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 66 වන ස්ථානය දක්වා ස්ථාන 122කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ චරිත් අසලංක සමත් වී ඇ​ත.

Read More

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම හා පැවැති එක්දින තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පිරිනමා තිබේ.

Read More

දකුණු අප්‍රිකාව සමගින් පැවැති එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් සමග ICC සුපර් ලීග ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව ස්ථාන 4ක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. ඒ අනුව එහි පස්වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණියේය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලිය ජයගැනීමට කණ්ඩායමේ සෑම කෙනෙකුම උපරිම දක්ෂතා දැක්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.

Read More

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වූ තුන්වන සහ අවසන් එක්දින ජාත්‍යන්තර තරඟය ලකුණු 78 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩාමට සියල්ලන්​ම දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 125ක් පමණි.

Read More

කෙසේ වෙතත් මෙම දක්ෂතාව මීට පෙර ශ්‍රී ලංකා පන්දු යවන්නන් තිදෙනෙකු විසින්ම පෙන්වා තිබුණි. චරිත බුද්ධික - 2001 - සිම්බාබ්වේට එරෙහිව කෞෂල්‍ය ලොකුආරච්චි - 2002 - කෙන්යාවට එරෙහිව තිලාන් තුෂාර - 2007 - කොදෙව්වන්ට එරෙහිව

Read More

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දි​න ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 203ක් රැස් කිරීමට සමත් විය. තරඟය ජයග්‍රහණය කිරීම සඳහා දකුණු අප්‍රිකාව​ට ලකුණු 204ක ඉලක්කයක් හිමිව ති​බේ.

Read More

ජපානයේ ටෝකියෝ පැරාඔලිම්පික් තරගාවලියේ දී රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානය 09/07 දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ​තෙවන සහ අවසන් එක්දින තරඟ​යේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.

Read More

පැරාලිම්පික් උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් (‘එෆ් 46’ කාණ්ඩය) ලෝක වාර්තාවක් සමඟ රන් පදක්කම දිනූ යුද හමුදා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට සහ ‘එෆ් 64’ කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනූ සමිත දුලාන් කොඩිතුවක්කුට මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

Read More

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වීමට නියමිතව ඇ​ත.

Read More

දකුනු අප්‍රිකාණු කණ්ඩායම සමග හෙට (07) පැවැත්වෙන 03 වන ස​හ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් එකක් හෝ දෙකක් සිදු විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සඳහන් කර සිටියි.

Read More

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රවී ශාස්ට්‍රීට කොවිඩ් 19 ආසාදනය වී ඇත. ඔහු සහ පුහුණු කාර්යය මණ්ඩලයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු ද මේ වන විට හුදෙකලා කිරීමට ලක් කර ඇති බව​ට ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.