මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රිඩක වෙන්දේසියට එක්ව සිටි ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ හා චාමික කරුණාරත්න ඉන්දීීය රුපියල් මිලියන 5 බැගන් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 14කට) අලෙවි විය.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයෙදී පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි තරගයද ජය ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-0ක් ලෙස ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් පසුවෙයි.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංක පළමු වටයේදී අලෙවි නොවීය.
Read Moreශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රිඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 70කට අලෙවි විය. ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 196කි. ඔහුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩයම විසින් මිලට ගත්තේය.
Read Moreශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය ප්‍රිමියර් ලීග වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලකට අලෙවි විය. එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 5.6ක මුදලකි. ඔහු ලක්නව් කණ්ඩායම විසින් මිලදී ගත්තේය.
Read Moreලසිත් මාලිංග පන්දු යැවීමේ ඉරියව්වට සමාන අයුරින් පන්දු යවන නුවණ් තුෂාරට ජාත්‍යන්තර විස්සයි20 තරග වරම් ලැබී තිබේ. ඒ ඔස්ට්‍රේලියාව සමගින් අද පැවැත්වෙන විස්සයි20 තරගයේදීය. බිනුර ප්‍රනාන්දුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් තුෂාරට මෙසේ විස්සයි20 වරම් හිමව තිබේ.
Read Moreශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු කොවිඩ් ආසාදිත වී තිබේ. ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර සිඩ්නිහි පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි20 තරගයට පෙරාතුව කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු මෙසේ කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලීයට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදි ශ්‍රි ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනීඳු හසරංග ඉන්දීිය රුපියල් කෝටි 10.75 මිලකට (ශ්‍රීී ලංකා රුපීයල් 28.81 ) මිලදී ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය.
Read Moreමෙවර ඉන්දීය ප්‍රිිමියර් ලීග ක්‍රිකට් තරගාවලියේ ක්‍රිඩක වෙන්දේසියට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගට වාර්තා ගත ඉල්ලුමක් ලැබී තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඩක්වර්ත් න්‍යාය අනුව ලකුණු 20කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයිි20 තරගය ජය ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
Read Moreඇත්ත වශයෙන්ම දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රභල තරුණ පිතිකරුවෙකුට තරග පාවාදීමක් සඳහා යෝජනා කර තිබුණා. ඔහුට යෝජනා කර තිබුණේ හිට් විකට් එකකින් දැවී යන ලෙස. ඒ සඳහා විශාල මුදලක් ලබාදිය හැකි බවට ඔහුට දන්වලා තිබුණා. ඒ යෝජනාව කර තිබුණේ දැනට ශ්‍රී ලංකාවේ මැණික් ව්‍යාපාරයේ යෙදෙන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙක් හා ඔහුගේ මිතුරෙක්. එම අවස්ථාවේදීම එම ක්‍රීඩකයා ඒ පිළිබඳව අපිව දැනුවත් කළා.
Read Moreබීජිං 2022 ශීත ඍතු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ’’වඩාත්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමතුලිත’’ ශීත ඍතු ක්‍රීඩා උළෙල ලෙස ප්‍රකාශයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශයට පත්කර තිබේ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් නිකුත් කරන ලද දත්ත උපුටා දක්වමින් කියුබාව පදනම් කරගත් ප්‍රෙන්සා ලැටිනා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ බීජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලට එක්ව ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් සියයට 45ක් කාන්තාවන් බවයි. මෙය වාර්තා ගත අගයක් බව එම පුවත් සෙවය පවසයි.
Read Moreපාකිස්තාන ප්‍රිමියර් ලීග තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා තමන් පකිස්ථානයට යාමට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණි විට අවාසනාවන්ත සිදුවීමටකට මුහුණ දීමට සිදුවූ බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම වත්මන ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රොෂාන් මහානාම පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම භාවිත කරන ක්‍රිකට් ඇඳුම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිතව විස්සයි20 ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස්ට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.
Read More05දා දිනය නිමාවන විට රන් පදක්කම් දෙකක් ලබාගෙන සිටි නෝර්වේ තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටියේය. රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් සමග ස්ලෝවේනියාව සටහනේ දෙවැනි ස්ථානයට පත්වෙද්දී රන් පදක්කමක් ලබාගෙන සිටි චීනය එහි තෙවැනි ස්ථානය දිනාගත්තේය.
Read Moreඑංගලන්ත කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත්කරමින් 19න් පහළ ලෝක කුසලානය පස්වැනි වතාවටත් තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
Read Moreශ්‍රි ලංකාව හා පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලියට දින කිහිපයක් තිබියදී ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජන්ටිස් ලැන්ගර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read More19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ පස්වැනි ස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 238ක දැවැන්ත පරාජයක් ලැබීය.
Read Moreඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වතාවට රොබෝවරු දෙදෙනෙක් දිය යට ඔලිම්පික් ගිණිසිළුවක් හුවමාරු කිරීම චීනයේදී සිදුවිය. හෙට (04දා) චීනයේදී ආරම්භවීමට නියමිත සීත සෘතු ඔලිම්පික් තරගාවලියට සමගාමීව චීනය මෙම අපූරු වැඩසටහන සංවිධානය කර තිබුණි.
Read Moreඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පන්දු යැවීමේ උපදේශකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ හිටපු එක්දින නායකයෙක් මෙන්ම සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා නම්කළ සංචිතයට ඇතුළත්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නටද ’කෝවිඩ්-19’ වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔහුට මෙම තරග සංචාරය අහිමිවනු ඇත.
Read Moreතරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ. අද අලුයම ඔවුන් ඔස්ට්‍රේලියා බලා පිටත්ව ගියේය.
Read Moreමෙවර 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලගේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට එක්ව තිබේ.
Read Moreබටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක ශූරතාවලියේ පළඟ ශූරතාව වෙනුවෙන් දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 65ක ජයක් හිමිවිය.
Read Moreඅවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 4කින් පරාජයට පත්විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු වශයෙන් රුමේෂ් රත්නයක මහතා පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreටෙස්ට්, එක්දින හා විස්සයි20 පිටියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඩිලරුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ තරග පහකින් සමන්විත ඔස්ට්‍රේලියා විස්සයි20 තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. දසුන් ශානකගේ නායකත්වයෙන් හා චරිත් අසලංකගේ උපනායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රීඩකයන් 20ක් ඇතුළත් වෙයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුපිිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ උපදේශක ලෙස බඳවාගැනීමට නියමිත බව වාර්තා වෙයි
Read More