saravita-anim2

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

Sports - timelapse 4919 hours ago

LATEST

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට දින නියම වෙයි

calendar_today 2022 මාර් 20 - 08:47 remove_red_eye - 501  

2022 වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා දින නියම වී තිබේ. ඒ අනුව තරගාවලිය අගෝස්තු 27 දා සිට සැප්තැම්බර් 11 දා තෙක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඉන්දීය තරගාවලියේදී ශ්‍රී ලංකාව ලැබූ පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර පවත්වා තිබේ.

Read More

සිය ටෙස්ට් දිවියේ ඉහළම ශ්‍රේණිගත කිරීම වාර්තා කිරීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණරත්න සමත්විය. ඒ නිමාවට පත්වූ ඉන්දීය තරගාවලියේදී ශතකයක් සමගින් ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙනි.

Read More

’’මගේ අම්මාගේ නම ලාර්බලෙස්ටියර් බව ඔබ කිසිවෙක් නොදන්නවා විය හැකියි. මම එය මගේ නමට දැමීමට සූදානම්. විවාහ වූ විට කාන්තාවට ඔවුන්ගේ නම අහිමි වෙන අදහස ගැන මට තෙරෙන්නේ නෑ.” යැයි ඔහු පවසයි.

Read More

චීනයේ බීජින් නුවර පැවැති සීත සෘතු පැරාලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්විය. ඔවුන් රන් පදක්කම් 18, රිදී පදක්කම් 20ක් හා ලෝකඩ පදක්කම් 23ක් සමගින් පදක්කම් 61ක් ලබාගැනීමට සමත්විය.

Read More

ඉන්දියාව සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ඉන්දීය කණ්ඩායම රැස්කළ ලකුණු 252ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 109කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.

Read More

කොවිඩ් වසංගතයෙන් පසු මෙරට පැවැත්වෙන විශාලතම සංචාරක වැඩසටහන වන Raid Amazone ත්‍රාසජනක වැඩසටහන ක්‍රීඩිකාවන 600දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. මේ වසරේ මාර්තු සහ අප්‍රේල් මාස වලදී අදියර දෙකක් යටතේ එය පැවැත්වීමට නියමිතයි.පලමු අදියර මාර්තු 14 වන දින සිට 22 දක්වාත් දෙවන අදියර මාර්තු 28 සිට අප්‍රේල් 6 වනදා දක්වාත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Read More

ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 400ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 4ක් අවසානයේදී එක් කඩුල්ලකට ලකුණු 10ක් රැස්කරගෙන සිටියි.

Read More

සත්කාර ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 108ක් රැස්කරගෙන සිටියි.

Read More

එදා මෙදා තුර ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහිිවූ සුපිරි දග පන්දු යවන්නෙක් වන ෂේන් වෝන් සිය ජීවිත ඉනිම නිමාකර තිබේ. හෘදයාබාධයක් හේතුවෙන් ඔහු ජීීවිතක්ෂයට පත්ව ඇති අතර මිය යන විට 52 වැනි වියේ පසුවිය.

Read More

මාලදිවයිනේ දිවේහි ප්‍රිමියර් ලීග් තරඟාවලියට ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ජාතික පාපන්දු ක්‍රීඩක ඩක්සන් පුස්ලාස් මිය ගොස් ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි.

Read More

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැති දෙවැනි විස්සයි20 තරගයද කඩුලු 7කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වූයේය.

Read More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන විිස්සය20 තරගාවලය සඳහා නිිරෝෂන් දික්වැල්ල හා ධනංජය ද සිල්වා නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීිම් කමිටුව කටයුතු කර තිබේ. ඒ ආබාධයකට ලක්ව ඇති කුසල් මෙන්ඩිස් හා මහීෂ් තීක්ෂණ වෙනුවටය.

Read More

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පී.සී.ආර්. පරීක්ෂණයකින් යළිත් කොවිඩ් ධනාත්මක වී තිබේ. මේ අනුව හෙටින් ආරම්භ වීමට නියමිත ඉන්දීය විස්සයි20 තරගාවලිය වනිඳු හසරංගට අහිමි වෙනු ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයට නම් කළ ක්‍රීඩකයන් 18දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ඉවත් කර තිබේ. ඒ ඔහු කිලෝමීටර 02 ධාවනය සාර්ථකව නිම කළද ’ස්කින්ෆෝල්ඩ්’ පරීක්ෂණය අසමත් වීම හේතුවෙනි.

Read More

ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලියෙන් ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු භානුක රාජපක්ෂ ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Read More

නෝර්වේ මෙවර තරගාවලියට සහභාගී වූ සියලුම රාජ්‍යයන් අතරින් රන් පදක්කම් 16ක් සමග සමස්ත පදක්කම් සටහනේ පදක්කම් 37ක් ලබාගෙන සිය දක්ෂතා පෙන්වා තිබේ.

Read More

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ක්‍රිකට් ලෝලියෙක් බව බොහෝ දෙනා දන්නා කරුණකි. ’මැකෝ’ යන නමින් කා අතරත් ප්‍රසිද්ධ මහින්ද දේශප්‍රිය මහතා සිය ෆේස්බුක් ගිණුමෙන් අපූරු සටහනක් තබා තිබුණි.

Read More

සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩයම කඩුලු 5කින් පරාජයට පත්කරමින් දෙරට අතර පවැති පස්වැනි විස්සයි20 තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පස්වැනි විස්සයි20 තරගයේදී ජාත්‍යන්තර වරම් හිමිකරගත් ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයින් දෙපළ වන කමිල් මිෂාර හා ජනිත් ලියනගේ අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවී යාම් දෙකකින් ආපසු ක්‍රීඩාගාරයට ගියේය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර එළැඹෙන 24 දා ආරම්භවීමට නියමිත විස්සයි20 තරගාවලිය අවිශ්ක ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස් හා ණුවන් තුෂාරට අහිමි වී තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති සිවුවැනිි විස්සයි20 තරගයද ජය ගැනමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සිවුවැනි හා පස්වැනි විස්සයි20 තරග දෙක වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් තුෂාරට අහිමි වී තිබේ. ඒ තෙවැනි විස්සයි20 තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදු කිරීමට නියමිත තරග සංචාරය සඳහා දිවා -රාත්‍රී ටෙස්ට් තරගයක්ද ඇතුළත් කර තිබේ. මෙම තරග සංචාරය සඳහා විස්සයි20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වෙයි.

Read More

සංචාරක ශ්‍රීී ලංකා කණ්ඩායම පරාජය කරමින් තරග පහකින් සමන්විත විස්සයිි20 තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

Read More

තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවඩ් ආසාදනය වී තිබේ. ඒ් අනුව ඔස්ට්‍රේලයා කණ්ඩායම සමගින් අද පැවැත්වමට නියමිත ‌තීරණාත්මක තෙවැනි වීස්සයි 20 තරගයද ඇතුළුව තරග තුන අහිමී වෙනු ඇතැයි වාර්තා වෙයි.

Read More

ශ්‍රි ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් කොවිඩ් 19 රෝගයෙන් සුවය ලබා නැවත කණ්ඩායමට එක්ව ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව ඔහු තෙවැනි තරගයේ පටන් කණ්ඩායම සමග රැදෙනු ඇත.

Read More

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක “ජාත්ය න්තර තරගයක් අතරතුර අසභ්‍ය වචන භාවිත කිරීම” හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔහුට සෘණාත්මක ලකුණක් ලබා දී තිබේ. එසේම ඔහුට අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.

Read More

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ඊයේ (13දා) පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී හයේ පහරක් වළක්වා ගැනීම වෙනුවෙන් උත්සාහ කිරීමේදී ආබාධයකට ලක්වූ ඔස්ට්‍රේලියා සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්ගේ තත්ත්වය යහපත් බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.