සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්තානු කණ්ඩායම අතර සාජාහි පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 428 ක් රැස්කර ගෙන සිටියදී ඉනිම අත්හිටුවා පාකිස්තානුවන්ට පන්දුවට පහර දීමට ආරාධනය කළේය.
ඒ අනුව දෙවැනි දිනය නිමාවන විට පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 6 කදී කිසිවෙකු නොදැවී ලකුණු 19 ක් රැස්කර ගෙන සිටියේය. කරුම් මන්සූර් (14), අහමඩ් ශේෂාඩ් (05) නොදැවී පන්දුවට පහර දෙමින් දිනය නිමාවන විට පිටියේ රුදී සිටියහ.
ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම පිතිකරුවන් යුගලය බවට පත්වීමට නායක ඇන්ජලෝ මැතිවුස් හා තම පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ දිල්රුවන් පෙරේරා සමත්වූහ. ඔවුන් දෙදෙනාම ශතක පෙනි පෙනී අවාසනාවන්ත ලෙස දැවී ගියේය.
මංගල ටෙස්ට් තරගයේ ප්‍රථම ඉනමේදී ලකුණු 95 ක් රැස් කළ දිල්රුවන් වාර්තා අතරට එක් වූයේ ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරුවෙකු පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී රැස් කළ සිවුවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාවද පිහිටුවමිනි. බ්‍රෙන්ඩන් කුරුප්පු 1987 වසරේදී නවසිලන්තයට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 201 ක් රැස් කිරීමට සමත්වී තිබේ.
ශ්‍රී ලංකාව පළමු ඉනිම 428/9 (පන්දුවාර 172)
දිල්රුවන් පෙරේරා 95 (පන්දු 247, 4x12, 6x2 )
ඇන්ජලෝ මැතිවුස් 91 (පන්දු 256, 4x5, 6x1 )
කුමාර් සංගක්කාර 52 (පන්දු 103 , 4x5 )
මහේල ජයවර්ධන 47 (පන්දු , 4x5, 6x2 )
ප්‍රසන්න ජයවර්ධන 35 (පන්දු 77, 4x2 )
පාකිස්තානය පන්දු යැවීම
ජුනයිඩ් ඛාන් 3/81 (පන්දුවාර 32 )
මොහොමඩ් තල්හා 3/99 (පන්දුවාර 32 )
සහීඩ් අජ්මාල් 2/120 (පන්දුවාර 55 )
අබ්දුල් රෙහේමාන් 1/101 (පන්දුවාර 50 )