Update රවින්ද්‍ර ජඩේජාගේ ආක්‍රමණශීලී පන්දු යැවිම හමුවේ සංචාරක ඉන්දියාව සමගින් පැවති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 53කින් පරාජයට පත් වීමට ශ්‍රී ලංකාවට සිදු විය.
දිවා ආහාරයෙන් අනතුරුව ලකුණු 76 ක් තුළදී ශ්‍රී ලංකා ඉනිමේ ඉතිරි පිතිකරුවන් 6 දෙනාම දවා ගැනිමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.
දිවා ආහාරයෙන් අනතුරුව පළමු කඩුල්ල ලෙස ලකුණු 141 ක් ලබා සිටි දිමුත් කරුණාරත්න දවා ගැනිමට ජඩේජා සමත් වූයේ අජින්ක්‍යා රහනේ අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.
ඉන් පසු ජඩේජා යැවූ පන්දුවාරයේදීම ලකුණු 36 ක් ලබා සිටි ඇන්ජලෝ මැතිව්ස් කඩුළු රකින ක්‍රීඩක රිද්දිමාන් සාහා අතට උඩ පන්දුවක් ලබා දි දැවි ගියේය.
ඉන් පසු ලකුණු 4 ක් ලබා සිටි දිල්රුවන් පෙරේරාද ජඩේජා ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමට ලක් වූ අතර වේගවත් ලකුණු 17ක් රැස් කළ ධනංජයද සිල්වා දැවී ගියේ ජඩේජාගේ පන්දුවකට රහනේ අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.
කෙසේ වෙතත් 9 වැනි කඩුල්ලට යම් සාර්ථක ලකුණු සංඛ්‍යාවක් නිරෝෂන් දික්වැල්ල හා රංගන හේරත් රැස් කළද පාණ්ඩ්යාෙග් පන්දුවක් හමුවේ දික්වැල්ල ලකුණු 31 කට දැවී ගිය අතර ඉනිමේ අවසන් කඩුල්ල ලෙස නුවන් ප්‍රදිප් එක් ලකුණකට දැවී ගියේ අෂ්වින්ගේ පන්දුවකට ෂිකර් ධවාන්ගේ අතට උඩ පන්දුවක් ලබා දෙමිනි .
තරගයේ වීරයා සම්මානය රවීන්ද්‍ර ජඩේජා හිමිකර ගත්තේය.
දිමුත් හා මැතිව්ස් ශ්‍රී ලංකාව ස්ථාවර තත්වයක් කරා රැගෙන යයි
සංචාරක ඉන්දීය කණ්ඩායම සමගින් කොළඹ එස්.එස්.සී. පිටයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 439 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාව සිව්වැනි දිනයේ (අද) දිවා ආහාරයට තරගය නතර කරන විටදී කඩුළු 4 ක් දැවී ලකුණු 302 ක් රැස් කරගෙන සිටියි. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින දිමුත් කරුණාරත්න ලකුණු 136 ක් හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 28 ක් රැස් කරගෙන සිටියි. කෙසේ වෙතත් ඉනිමක පරාජයෙන් බේරීමට ඔවුන්ට තවත් ලකුණු 137 ක් අවශ්‍ය වේ.
ඔවුන්දෛදෙනා පස්වැනි කඩුුල්ලට ලකුණු 61 ක නොබිඳුනු සබදතාවක් පවත්වාගෙන සිටියි.
අද දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 16 ක් ලබා සිටි මලින්ද පුෂ්පකුමාර අෂ්වින්ගේ පන්දුවක් කෙලිින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර ඉන් අනතුරුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල්ටද රැස් කර ගත හැකිවූයේ ලකුණු 2 ක් පමණි. ඔහු ජඩේජාගේ පන්දුවක් හමුවේ අජින්ක්‍යා රහනේ අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.
දිමුත් ශතකය රැස් කරයි
සංචාරක ඉන්දියාව සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ 6 වැනි ටෙස්ට් ශතකය වාර්තා කලේය. පන්දු 224 කදී වාර්තා වූ ඔහුගේ ශතකයට හතරේ පහර 13 ක් ඇතුලත් විය. ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 439 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාව මේ වන විට කඩුළු 2 ක් දැවී ලකුනු 227 ක් ලබා සිටින අතර ඔවුන්ට තවත් ලකුණු 212 ක් අවශ්‍ය වෙයි.
නොදැවී අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටින මගින්ද පුෂ්පකුමාර ලකුණු 11 ක් ලබා සිටියි.