මැදපෙළ පිතිකරුවන්ගේ ඉවසිලිමත් පිතිහරඹය නිසා අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන ක්රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැති තරගයෙන් පෙරළිකාර ලෙස කඩුලු07 ක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකාව සමත් විය.
තරගාවලියේ 'බී' කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙය ලන්ඩනයේ කෙනිංටන් ඕවල්හිදී පැවැත්විණි.
ලකුණු 321 ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකාව සිය ඉලක්කය සපුරාගත්තේ පන්දුවාර 48.4කදී කඩුලු03 ක් පමණක් දැවී තිබියදීය.
ශ්රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල ලකුනු 7 කට දැවී ගියත් ඉන් අනතුරුව ධනුෂ්ක ගුණතිලක සමගින් පිටියේ එක් වූ කුසල් මෙන්ඩිස් ඉවසිලිමත් පිතිහරඹයක නිරත වෙමිනි. ශ්රී ලංකා ඉනිම ශක්තිමක් කළේ පන්දුවාර 23.1කදී ලකුණු 159 ක සබඳතාවක් එක් කරමිනි.
ධනුෂ්ක මෙහීදී සිය එක්දින දිවියේ තෙවැනි අර්ධ ශතකය වාර්කා කරමින් ලකුණු 76 ක්ලබා ගත් අතර ශ්රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුනු 89 රැස්කලේ සිය එක්දින දිවියේ 9 වැනි අර්ධ ශතකය වාර්තා කරමිනි.
කෙසේ වෙතත් කුසල් පෙරේරා ලකුණු 47 ක් ලබා සිටියදී ආබාධයකට ලක් විමෙන් පිටියෙන් ඉවත් වූ නමුත් ශ්රී ලංකා ජයග්රහණයට බාධාවක් කර නොගත් අසේල ගුණරත්න මැතිව්ස් සමගින් එක්ව ශ්රී ලංකාව ජයග්රහණයට ගෙනගියේ පන්දු 42ක් පමණක් වැය කරමිනි.සුපුරුදු වේගවත් පිතිහරඹයට යොමු වූ අසේල පන්දු 21කදී නොදැවී ලකුණු 34 ක් රැස් කළේය.
ඉනිමේ අවසන් භාගයේදී නොදැවී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නායක ඇන්ජලෝ මැතිව්ස් සිය එක්දින දිවියේ 32 වැනි අර්ධ ශතකය වාර්තා කළේය.
ශ්රී ලංකාව අවසන් වරට එක්දින තරගයකදී ඉන්දියාව පරාජයට පත් කළේ 2014 වර්ෂයේදීය.
තරගාවලියේ ශ්රී ලංකාව සහභාගි වන මීළඟ තරගය එළඹෙන11 වැනිදා පාකිස්තානය සමගින් කාඩිෆ්හිදීපැවැත්වේ.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු06 ක් දැවී ලකුණු 321 ක් රැස් කළහ.
කෙසේ නමුත් ශ්රී ලංකා වේගපන්දු යවන්නන්ට පන්දුවෙන් එතරම් සාර්ථක වීමට මෙහිදී ඉඩක් නොලැබුණු අතර, සිය පරිණතභාවය තරමක් දුරට විදහා දැක්වූ ලසිත් මාලිංග කඩුලු 02ක් දවාළීය. ඊට අමතරව සුරංග ලක්මාල්, නුවන් ප්රදීප්, තිසර පෙරේරා හා අසේල ගුණරත්න අතරේ එක් කඩුල්ල බැගින් බිඳී ගියේය.
තරගයේ වීරයා සම්මානය ශ්රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ කුසල් මෙන්ඩිස්ට හිමි විය.