UPDATE ශූරයන්ගේ කුසලානය සඳහා වූ තරඟාවලියේ දකුණු අප්‍රිකාව හා පකිස්තානය අතර පැවති තරඟයෙන් ලකුණු 19කින් ජයගැනීමට පකිස්තානය සමත් විය.
ඒ ඩක්වත් ලුවිස් න්‍යායට අනුවයි.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 8ක් බිඳවැටී ලකුණු 219ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල පකිස්තානු කණ්ඩායම ලකුණු කඩුලු 3කට 119ක් ලබා සිටියදී තරඟයට වර්ෂාවෙන් බාදා වීම නිසා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 19ක ජයක් පකිස්තානයට හිමිවිය.
ශූරයන්ගේ කුසලානය සඳහා වූ තරඟාවලියේ අද පැවති තරඟයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50 තුල කඩුලු 08ක් දැවී ලකුණු 219ක් රැස් කළේය.
මේ අනුව පකිස්තානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 220ක් ලබා ගත යුතුය.
ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලිය යටතේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම හා පකිස්තානු කණ්ඩායම අතර තරඟය එජ්බැස්ටන් ක්‍රීඩාංගනයේදී අද (07දා) ආරම්භ විය.
ඒ අනුව කාසිය වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම තෝරා ගත් අතර, ඒ අනුව පන්දුවට පහර දෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම මේවන විට එක් කඩුල්ලක බිඳ වැටී ලකුණු 49ක් ලබා සිටී.