ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2011 වසරේ පැවැති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ සිදු වූවා යැයි පැවසෙන තරග පාවාදීමේ චෝදනා විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියට සහාය වීමට ඔස්ට්‍රේලියානු පොලිග්රාෆ් පරීක්ෂක (Australian Polygraph Examiner) ස්ටීව් වැන් අපරන් කැමැත්ත පළ කර තිබේ. ඔහු පවසා සිටියේ මෙම චෝදනාවල සත්‍ය අසත්‍යතාව පොලිග්රාෆ් පරීක්ෂණයකින් සහ ඇහිබැමි පරීක්ෂාවකින් තහවුරු කරගත හැකි බවයි.
මීට වසර කිහිපයකට පෙර මෙම පොලිස් නිලධාරියා, ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායක ස්ටීව් වෝට එරෙහිව පොලිග්රාෆ් පරීක්ෂණයක් පැවැත්වූ අතර ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ හා වංචා පිළිබඳ ගැටලු විසඳීම සඳහා මෙම ක්‍රමය බහුලව යොදාගෙන තිබේ.
මේ පිළිබඳ අදහස් දැක්වූ ස්ටීව් වැන් ඇපරන්,
&මම බොහෝ රජයේ දෙපාර්තමේන්තු පුහුණු කර ඇති නවතම තාක්ෂණය හා චර්යාත්මක විශ්ලේෂණ සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේද භාවිත කරමින් ශ්‍රී ලංකා පොලීසිය සිදුකරගෙන යන මෙම විමර්ශනයට සහාය වීමට සහ උපදෙස් දීමට කැමැත්තෙන් පසුවනවා.
වසර ගණනාවක් තිස්සේ තරග පාවාදීම සහ දූෂණ චෝදනා සමග ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව අපකීර්තියට පත්ව තිබෙනවා. පොදුවේ ගත් කල, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අතිමහත් බහුතරයක් ක්‍රීඩාවට ඇති ආදරය වෙනුවෙන් කැපවූ අවංක පුද්ගලයන්. පොලිග්රාෆ් පරීක්ෂාව දූෂණය මැඬපැවැත්වීම සඳහා හොඳ ක්‍රමයක්. නමුත් නව තාක්ෂණයත් සමග ඇහි බැමි පරීක්ෂාව (eyevalidate) හඳුන්වා දී ඇති අතර, එය පොලිග්රාෆ් පරීක්ෂණයට වඩා ප්‍රතිඵලදායක වේ.
මෙම නව තාක්ෂණය මිනිත්තු 40ක පරීක්ෂණයකදී සියයට 90ක නිරවද්‍යතාවකින් තත්පරයට අක්ෂි මිනුම් 60ක හෝ ගණනය කිරීම් 100,000ක රැවටීම හඳුනාගැනීම සඳහා ඇස්වල සියුම් වෙනස්කම් මනිනු ලබයි. මෙමගින් ක්‍රීඩකයෙකුගේ ස්ථානීය හෝ ගැළපීම්, දූෂණය හෝ කාර්ය සාධනය වැඩි කරන ඖෂධ භාවිතය පිළිබඳ පරීක්ෂා කළ හැකිය.
ස්ටීව් වෝගේ විශ්වාසය වූයේ නායකයන් සහ උපනායකයන් ඕනෑම අවිශ්වාසයක් දුරු කිරීම සඳහා ස්වේච්ඡාවෙන් පොලිග්රාෆ් පරීක්ෂණයකට යටත් විය යුතු බවයි. දූෂණයක් පුද්ගලයෙකුගේ චරිතය වෙනස් කර පිළිකාවක් මෙන් පැතිරෙන්නේ කෙසේදැයි පොලිස් නිලධාරියෙකු ලෙස මම දැක තියෙනවා* යනුවෙන් පැවසීය.
2011 ක්‍රිකට් ලෝක කුසලාන තරග පාවාදීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා විමර්ශනය කිරීම සඳහා ක්‍රීඩා වැරදි විමර්ශන විශේෂ පොලිස් ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානී පොලිස් අධිකාරි ටී.ජේ. සමරනායක මහතා පත්කර ඇති අතර, විමර්ශන සඳහා සහාය පිණිස එම ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුපුන් විතානගේ මහතා අනුයුක්ත කර තිබේ.