දෙවැනි තරගයෙන් ශ්රී ලංකාව ලකුණු 164ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමග බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 2කින් යුත් ටෙස්ට් ක්රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
තරගය ජය ගැනීම සදහා ලකුණු 297ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී සියලු දෙනා දැවී ලබ ගත හැකි වූයේ ලකුණු 132ක් පමණයි.
පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් හා ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5 බැගින් බිද හෙලීමට සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකාව ලකුණු 204ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස කොදෙව්වන් ලකුණු 253ක් ලබා ගැනීමට සමත් විය.
ශ්රී ලංකාව අද පෙරවරුවේ දී සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට පියවර ගත්තේ කඩුලු 9ක් දැවී ලකුණු 345ක් ලබා සිටියදීයි.
ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 155යි.