සංචාරක ඔස්ට්‍රේලියාව සමගින් කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දිවා ආහාරය වෙනුවෙන් තරගය නතර කරන විටදී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා කඩුළු 7 ක් දැවී ලකුණු 299 ක් ලබා සිටියි.
නොදැවී කඩුල්ලේ රැඳී සිටිනා දිනේෂ් චන්දිමාල් ලකුණු 105 ක් හා රංගන හේරත් ලකුණු 14 ක් ද ලබා සිටිති. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් මිචෙල් ස්ටාක් හා නේදන් ලයන් කඩුළු 3 බැගින් බිඳ හෙලීය.ඊට අමතරව ජේම්ස් හොලන්ඩ් එක් කඩුල්ලක් බිඳ හෙලිය.
අද (14) දිනයේ ආරම්භක කඩුල්ල ලෛසින් ධනංජය ද සිල්වා ලකුණු 129 කට දැවී ගිය අතර ශ්‍රී ලංකා ඉනිමේ හයවැනි කඩුල්ල ලෙස දැවී ගිය ඔහු දිනේෂ් චන්දිමාල් සමගින් එක්වී හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 211 ක වාර්තාගත සබඳතාවක් පැවැත්විමට සමත් වූ අතර එය ටෙස්ට් තරගයකදී ශ්‍රි ලංකා පිතිකරුවන් දෙදෙනෙකු ඔස්ට්‍රේලියාවට එරෙහිව හයවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ හොඳම සබඳතාව වේ.
ධනංජයගේ දැවී යාමෙන් අනතුරුව පිටියේ එක්වූ දිල්රුවන් පෙරේරා චන්දිමාල් සමග 7 වැනි කඩුල්ල සඳහා ලකුනු 30 ක සබඳතාවක් පැවැත්වීය.එමෙන්ම ඔස්ට්‍රේලියාවට එරෙහිව ඕනෑම කණ්ඩායමක් හයවැනි කඩුල්ල සඳහා රැස්කළ සිව්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වේ.