කොළඹ විචර්ලි ජාතයන්තර පාසලේ ඉහෙනුම ලබන 12 හැවිරිදි දේවින්දයා ඔෂිනි ගුණවර්ධන ලංකාවේ මෙතෙක් බිහිවූ ලාබාලතම කාන්තා චෙස් ක්‍රීඩා ඉන්ටර් නැෂනල් මාස්ටර් බවට පත්ව සිටින්නීය.
ලෝක චෙස් සම්මේලනය(FIDE) විසින් දේවින්දයා ඔෂිනි ගුණවර්ධනට කාන්තා ඉන්ටර්නැෂනල් මාස්ටර් තනතුර නිල වශයෙන් පිරිනමන ලදි.
ඒ චෙස් ක්‍රීඩා ජාතයන්තර ශ්‍රේණිගත ගත ලකුණු 2000 ස පසු කිරීමත් සහ අන්තර් ජාතික චෙස් තරගාවලිවලදී ඉලක්කගත ලකුණුවල සාරාංශයත් සලකා ලෝක චෙස් සම්මේලනයෙන් ඔෂිනිට මේ තනතුර පිරිනමා තිබේ.
මේ සමගම දැනට ලංකාවටම සිටිනුයේ කාන්තා චෙස් ක්‍රීඩා ඉන්ටර්නැෂ්නල් මාස්ටර්වරියන් තිදෙනෙකි.ඒ අවස්ථාව මුලින්ම උදාකර ගත්තේ සචිනි රණසිංහය. ඇයගෙන් පසුව මේ තත්වයට පත්වූවේ නෙලුනිකා මෙත්මාලිය. ඉන් අනතුරුව වසර පහකට පසුව ඔෂිනිට මේ තනතුර ලබා ගැනීමට හැකිවූවාය.
කාන්තා මෙන්ම පිරිමි ඉන්ටර්නැෂනල් මාස්ටර්වරුන්ද ලංකාවේ ඇත්තේ එක් අතක ඇගිලි ගණනටත් අඩුවෙනි.ඒ සංකයාව හතරෙකි.ලංකාවේ මුල්ම පිරිමි ඉන්ටර්නැෂනල් මාස්ටර් වන්නේ රොමේෂ් වීරවර්ධනය ඉන්පසු පිළිවෙලින් හර්ෂණ තිලකරත්න,සුසාල් ලොකුගේ සහ රනිදු දිල්ෂාන් ලියනගේය. දැනට ලංකාවේ ලාබාලතම ඉන්ටර්නැෂනල් මාස්ටර් වනුයේ දහඅට හැවිරිදි සුසාල් ලොකුගේය.ඔහු ඉන්ටර්නැෂ්නල් මාස්ටර් වූවේ දාහතරවියේදීය.ලංකවේ වයස 14 න් ඉන්ටර්නැෂනල් මාස්ටර් වූවේද සුසාල් ලොකුගේය.
ලංකාවේ ලාබාලතම කාන්තා චෙස් කීඩා ඉන්ටර්නැෂනල් මාස්ටර් ලෙස කිරුල පැළදි දේවින්දයා ඔෂිනි ගුණවර්ධන වත්මන් ජාතික චෙස් ශූරිය ද වන්නීය.එමෙන්ම මේ කුඩා චෙස් කීඩිකාව චෙස් කීඩා ශ්‍රේණිගත කිරීම අනුව ලංකාවේ කාන්තා අංශයේ පළමු ස්ථානය හිමිකර ගෙන සිටින්නීය.
රත්නපුර පර්ගියුසන් පාසලෙන් චෙස් කීඩාවට අත්පොත් තබා පසුව කොළඹ විචර්ලි ජාතයන්තර පාසලට ඇතුලත්ව වූ ඔෂිනි ජාතයන්තර ජයගාහණ රැසක් ලංකාවට අත්කර දෙමින් ශ්‍රී ලංකාවේ හොදම යොවුන් චෙස් කීඩිකාවටද පත්ව සිටින්නීය.
ඔෂිනි ගුණවර්ධනගේ චෙස් කීඩා පුහුණුකරු ලෙස පවීණ චෙස් ක්‍රීඩා උපදේශක අකිල කාවින්ද මහතා කටයුතු කරයි.