saravita-anim2

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා

Sports - timelapse 4520 hours ago

LATEST

ඡන්ද හිමියන්ගේ දිනය සැමරේ

calendar_today 2022 මාර් 12 - 08:09 remove_red_eye - 333  

ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11දා) පස්වරුවේ කොළඹ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික ඉන්දු- ලංකා නාවික අභ්‍යාසය, (SLINEX) 2022 මාර්තු මස 07 වන දින සිට 10 වන දින දක්වා ඉන්දියාවේ විසාකපට්නම් නාවික තටාකාංගනයේ දී සහ බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු තීරයේදී පවත්වන ලද අතර, එම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව සහභාගී විය.

Read More

මේ අතර ඉන්ධන නොමැති වීමෙන් උතුරේ බොහෝ ඉන්ධනහල් ඉදිරිපිට ජනතාව පොලීම් ගැසී සිටින අතරම ඉන්ධන හිගයට රජය වගකිව යුතු බව පවසමින් එයට විරෝධය පා කිලිනොච්චියේ සහ මුලතිව්හි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කරත්තවලින් ඉන්ධන හල් වෙතට සහ මාසිකසභා සභාරැස්වීම් වෙතට පැමිණියහ.

Read More

මාගම්පුර ලංකා කර්මාන්ත පුරයේ ඉදිකෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව වන “ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්” ආයතනයේ නිෂ්පාදන කටයුතු අද (07දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

Read More

සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව එම පක්ෂය කියයි. ඇතුල්කෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ පැවැති විරෝධතාවක් අතර තුළදී මෙසේ ගල්මුල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එම පක්ෂය කියයි.

Read More

ඉන්දීයානු නාවික හමුදාව විසින් 11 වන වරටත් පවත්වන ලද මිලාන් - 2022 බහුපාර්ශික නාවික අභ්‍යාසය, මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් වරාය සහ නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2022 පෙබරවාරි මස 25 වන දින සිට 2022 මාර්තු මස 04 වන දින දක්වා පැවැති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සහභාගී විය.

Read More

බණ්ඩාරගම නගරයේ දී ජීප් රථයක ගැටීමෙන් අනතුරට පත්ව තුවාල ලබා,සිහි විසඥ මහා මාර්ගයේ වැටී වඳුරෙකුට මූලික ප්‍රතිකාර ලබාදී ප්‍රකෘති තත්ත්වයට පත්කරලීමට වාද්දුවේ තරුණියක්,සිය නැගණිය සමග පියවර ගත්හ.

Read More

යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා පැමිණ රුසියානු සොල්දුවෙකුට යුක්රේන ජනතාව විසින් තේ, ආහාර ලබාදී ඔහුට ආගන්තුක සත්කාර සිදුකරන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ව්‍යාප්ත වෙයි.

Read More

යුක්රේනය එරෙහි යුද්ධය තීව්‍ර කිරීමට රුසියාව කටයුතු කර තබේ. මේ අනුව ඔවුන් නගර කිහිපයක්ම වට කර ඇති බවත් එම නගර වලට ෂෙල් ප්‍රහාර එල්ල කරමින් තිබෙන බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

උඩරට වතුකරයේ හින්දු ජනතාව අද(01දා) දිනට යෙදී තිබුණු මහ ශිව රාත්‍රී දිනය මහත් භක්තියෙන් යුතුව සමරනු ලැබීය.

Read More

ඉන්දියානු නාවික හමුදාවට අයත් කිමිදුම් සහය ලබා දෙන නෞකාවක් වන ‘නිරීක්ක්‍ෂාක්’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සිදු කෙරෙන කිමිදුම් පුහුණු වැඩසටහනක් සඳහා අද (28දා) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

ආරක්ෂක අමාත්‍යාංශය ෆේස්බුක්හි පළ කරන ලද ප්‍රකාශයක දැක්වෙන්නේ රුසියානු හමුදා භටයින් 5,300 ක් පමණ මිය ගොස් ඇති අතර යුක්රේන හමුදා විසින් ටැංකි 191 ක්, ප්‍රහාරක ජෙට් යානා 29 ක්, හෙලිකොප්ටර් 29 ක් සහ සන්නද්ධ වාහන 816 ක් විනාශ කර ඇති බවයි.

Read More

රුසියානු හමුදා යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන ඛාර්කිව් වෙත ඇතුළු වී ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.

Read More

බගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අද (26දා) පස්වරුවේ අයිස් වැස්සක් පතිත වි ඇත.

Read More

ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ආවේණික ආහාර වට්ටෝරුවක් හඳුන්වාදීමට එම සමාගම කටයුතු යොදා තිබෙනවා.

Read More

දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහත්වරුන්ට උපදෙස් දුන්නේය. නාරාහේන්පිට මිල්කෝ කර්මාන්ත ශාලාව අද (25දා) නිරීක්ෂණය කළ අවස්ථාවේ ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කළේය.

Read More

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් පරිවර්තනය කළ ත්‍රිපිටක ග්‍රන්ථ 07ක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීම ඊයේ (24දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි.

Read More

ලෝක බාලදක්ෂ දින සැමරුම හා ජනාධිපති බාලදක්ෂ සහතිකපත් ප්‍රදානය අද (23දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

Read More

වගාව මේ මට්ටමට ගෙන එන්න විතරක් රුපියල් ලක්ෂ 12 කට වැඩිය ගියා. වල් අලින්ගෙන් වගාවන් ආරක්ෂා කරගන්න ඉඩම වටේ අලි අගල් අරින්න තවත් ලක්ෂ 5 ක් විතර වියදම් වුණා. සේරම ගනන් බලපුහාම ලක්ෂ 17 ක් විතර වගාවට වියදම් කරලා මගේ මහන්සිය නැතුව.

Read More

අබලන්ව භාවිතයෙන් ඉවත් කළ බස් රථ 200ක් ප්‍රතිසංස්කරණයකර, ධාවනයට එක් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

Read More

දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් කරයි.

Read More

ඓතිහාසික මිහින්තලා පුරාවිද්‍යා භූමියට අයත් අනුලා චෛත්‍යයේ කැනීම් අතරතුර දී පලිගු වලින් ආවරණය කරන ලද ධාතූන් වහන්සේ නමක් ඇතුළු ඉපැරණි වටිනා කමින් යුත් පුරාවස්තුන් රැසක් හමුවි ඇති බව මිහින්තලා රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ අද (20දා) සඳහන් කළහ.

Read More

තනිව ජීවත් විය නොහැකි තත්වයේ පසුවන දුර්ලභ අටුවෙස් බස්සා පැටවුන් තිදෙනෙකු අනතුරට ලක්ව සිටියදී පුත්තලම ප්‍රදේශයේදී මුදා ගැණුන බව නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකය පවසයි.

Read More

පොල්ගහවෙල ඉහළගම උදාගම්මානයේ තරුණ සංවිධානයක පිරිසක් විසින් පොල්ගහවෙල බැලුම්ගල කන්ද පර්වත බෑවුමේ ඊයේ (16දා) නවම් පොහෝදින බෞද්ධ කොඩියක් සිතුවම් කිරිම සිදු කෙරිණි.

Read More

කෑල විශේෂයට අයත් Bridelia stipularis-Phyllanthaceae (වැල් කෑල) ශාකය අවුරුදු 166කට පසු කෑගල්ලේ ගෙවත්තකින් සොයාගෙන තිබේ. මේ ශාකය තහවුරු කර ගැනීම වෙනුවෙන් පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ හිටපු නිලධාරියෙකු මෙන්ම පැළෑටි විශේෂ පිළිබඳ පර්යේෂකයෙකු වන භාතිය ගොපල්ලව මහතා මෙන්ම, ශාක පිළිබඳ විශේෂඥයන් වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ හා ප්ර දීප් රාජතේවා යන මහත්වරුන් දායක වී තිබේ. ඒ පිළිබඳ තතු ’සොබා බදාදා’ වෙනුවෙන් භාතිය ගොපල්ලව මහතා මෙලෙස දැක්වීය.

Read More

කොළඹ, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යයේ පළමු දින පෙරහර ඊයේ(15)පස්වරුවේ වීථි සංචාරය කළේය.

Read More
අලි ආදරයක්
13 02 2022 09:23:00

පොලොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේ වන අලි මාරුවන ස්ථානයක රෑනෙන් අතරමංව සිටි දින හතක් වයසැති අලි පැටියෙකු ඊයේ (12 දා) සවස හතරට පමණ වැලිකන්ද අඩවි වන කාර්යාලය නිලධාරීන් පිරිසක් විසින් කිලෝමීටර් තුනක් පමණ කරේ තබාගෙන ගෙනැවිත් ප්‍රතිකාර සඳහා ගිරිතලේ වන වනජීවී පශු වෛද්‍ය කාර්යාලයට බාර දී ඇත.

Read More

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරුවරයෙක් වන කුමාර ධර්මසේන මහතා විසින් ශ්‍රී ලංකාවේ පළමු අගාවුඩ් තෙල් නිස්සාරණ කර්මාන්ත ශාලාව ආරම්භ කර තිබේ.

Read More

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධව තිබූ, වව්නියාව මණ්ඩපය “වව්නියාව විශ්වවිද්‍යාලය” නමින් ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම අද (11දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදු කෙරිණ.

Read More

උස්බෙගිස්තානයේ, උස්බෙගිස්තාන් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපොළ වෙත සෘජු ගුවන් ගමන ආරම්භ කර තිබේ. සීත සෘතු කාලසීමාව තුළ මෙම ගුවන් සේවය ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන සිය ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.