වැල්ලවාය අලිකොටේආර ජලාශයේ ජලපෝෂිත ප්‍රදේශ වන පූනාගල කඳුවැටියට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව නිසා ජලාශය ජලයෙන් පිරී පවතී.
ලෝකයේ කාන්තාවන් පමණක් සහභාගී වන ත්‍රාසජනක , අභියෝගාත්මක ’’රේඩ් ඇමසෝන් ’’ (Raid Amazones ) ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගී වීමට ප්‍රංශයේ සිට එරට තරුණ ක්‍රීඩිකාවන් 250 දෙනෙකුගෙන් යුතු පළමු කණ්ඩායම 03/20 දින අලුයම පැරිස් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreමෙම ජලාශයට එක් රෝක්වන ජලය මේ වන විට ජල විදුලිය නිපදවන ජල විදුලි බලාගාර සදහා අඛණ්ඩව බේදා හැරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
Read Moreඅශ්වයන් හා බැදි නුවරඑළිය නගරයේ සංචාරක ආකර්ශණය වර්ධනය කිරිමේ අරමුණ මත නුවරඑළිය කාර්මික විද්‍යාලය මගින් එම විද්‍යාලය ඉදිරිපිට ඉදිකරන ලද යකඩ අශ්ව අනුරුව එළිදැක්විම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
Read Moreබස් රථ වලින් (14) දින නුවරඑලියට පැමිණ එම සංචාරකයන් (15) දින නුවරඑලියේ පැරණි තැපැල් කාර්යාලය නරඹා පසුව නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරිමට සැලසුම් කර සිටියද වෘත්තිය සමිති වැඩ වර්ජනය හේතුවෙන් එම විදේශිය සංචාරකයන් පිරිසට සැලසුම් කල පරිදි එම සංචාරක ස්ථානය නැරඹිමට නොහැකි වු බවයි සංචාරකයන් සමග පැමිණි මග පෙන්වන්නන් කියා සිටියේ.
Read Moreශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයෙහි රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ වලංකන්ද ප්‍රදේශය තුලින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ.
Read Moreඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS CHARLESTON (LCS - 18)’ යුද නෞකාව, 2023 මාර්තු මස 11 වන දින උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreනරක් වු බවට සැක කරන බිත්තර ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මහකුඹුක්කඩවල වල්පාළුවට ගෙනවිත් දමා තිබියදි හමුවු බව පාරිභෝගික අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
Read Moreසති අන්ත නිවාඩුවත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි විශාල වන්දනාකරුවන් පිරිස අතරින් ඇතැම් වන්දනාකරුවන් පරිසරයට විශාල වශයෙන් ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු ඝන අපද්‍රව්‍ය මුදා හැර ඇති බව මස්කෙලිය ප්‍රාදේශිය සභාපත පැවසිය.
Read Moreදෙහිවල ජාතික සත්වෝද්‍යානයට සත්ව හුවමාරු වැඩ සටහන යටතේ 2006 වසර මෙරටට චීනයේ සියැංජින් ෂපාරී උද්‍යානයෙන් ගෙන්වනු ලැබූ රොබින් හා කෙල්ල යන යුවලට ද්‍රාව 2022 මාර්තු මස 05 වන දින සත්වෝද්‍යානය තුළදී උපත ලද අකිරා, ඩියෝ , ඩූමා යන බෙන්ගාලි ව්‍යාග්‍ර පිරිමි පැටවුන් තිදෙනාගේ පළමුවන උපන් දින සැමරුම අද (05ද)ා වන දින සත්වෝද්‍යාන පරිශ්‍රයේදී සිදු කරනු ලැබිණ.
Read Moreඩුබායි ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ මේ දිනවල පවතින මීදුම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා මෙම ගුවන් යානයට එකවරම ඩුබායි ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට අපහසු වුවහොත් , එම ගුවන් තොටුපළ අහසෙහි මෙම ගුවන් යානයට වට කීපයක් ගමන් කිරීමට අවශ්‍ය ඉන්ධන මෙසේ කටුනායක ගුවන් තොටුපළෙන් ලබා ගැනීමට මෙම ගුවන් යානයේ ගුවන් නියමුවන් තීරණය කර තිබුණි .
Read Moreවරකාපොල නගරයේ අද අලුයම සිමෙන්ත් ප්‍රවාහනය කරන ට්‍රක් රථයක ටයරයක් පුපුරා යාම හේතුවෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreආණ්ඩුවක් වෙනස් කිරීමට හැකියාව තිබෙන්නේ ජනතාව තෝරා ගත් පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත් මහ පාර ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreසියලුම කොටස් ශ්‍රී ලංකාවේ නි්ෂ්පාදනය කරමින් කොඩ් ජෙන් ආයතනය විසින් නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ පළමු මෝටර් රථය වන වේගා මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබේ.
Read Moreකරුවලගස්වැව එගොඩපිටිය පෙරියවිල්ලුව වැවේ මඩේ එරි ගොඩ ඒමට නොහැකි වු තනියා නැමති සද්ධන්ත වල් අලියකු අවාසනාවන්ත ලෙස මරණයට පත්වි ඇති බව කරුවලගස්වැව වනජීවි නිළධාරින් පවසයි.
Read Moreසිංගප්පූරුවේ වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර කායවර්ධන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා හෂිනි හේවගේ ඇය තරග කළ ඉසව්වේ රන් පදක්කම සහ සමස්ථ ශූරතාවය දිනා ගනිමින් අද (02) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.
Read Moreවවුනියාව,සෙට්ටිකුලම ප්‍රදේශයේ වගා ළිඳකට වැටුණු වනඅලි හතරදෙනකු බේරා ගැනීමට ඊයේ (27) සවස වවුනියාව වනජිවි නිළධාරීන් පියවර ගනු ලැබීය.
Read Moreඅධික ලෙස ඉහළ ගොස් ඇති විදුලි බිල තම බේකරි කර්මාන්තයට දැඩිව බල පෑ ඇති බවත් එය පාරිභෝගික ජනතාව මත පැටවිය නොහැකි නිසා බයිසිකලයේ ඩයිනමෝවෙන් විදුලිය ලබාගෙන ජනතාවට සේවය සලසන බවත් දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාන බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා පවසයි.
Read Moreමෙවර පාසල් නිල ඇඳුම්වලින් 50%ක් ප්‍රදානයක් වශයෙන් ලබා දීමට මුල දී එකඟතාව පළ කර තිබූ චීන රජය, තමන් අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත් වීමෙන් අනතුරු ව කරනු ලැබූ ඉල්ලීමට සාධනීය ප්‍රතිචාර දක්වමින් එම ප්‍රදානය 70% දක්වා වැඩි කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreරට ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන, වසර 25කින් “සංවර්ධිත රටක්” ගොඩනැඟීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුදෙනාට ආරාධනා කළේය.
Read Moreඅද ජනතාවට ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූවත් මෙය අපේක්ෂා කළ යුත්තේ කෙටි කලක් සඳහා පමණක් වන බව සඳහන් කළ ජනාධිපතිවරයා රටේ ජනතාවගේ ආර්ථිකය යහපත් තැනකට ඔසවා තැබීම මෙම වසර අවසාන වීමට පෙර සිදු කරන බව ද පැවසුවේය.
Read Moreරටේ ඉතාමත් සුවිශේෂි වැදගත් අවස්ථාවලදී පමණක් රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී දළදා මාළිගාව මගින් මෙවැනි විශේෂ පෙරහර සංවිධානය කෙරේ.
Read Moreශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයේ ක්‍රිඩකයින් නවසිලන්ත සංචාරයට ප්‍රථම නානුඔය රදැල්ල ක්‍රිඩාංගණයේදි ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ පුහුණුකාරිත්වයෙන් ඊයේ (18) දින සිට පුහුණුවිම් ආරම්භ කර ඇත.
Read Moreනුවරඑලිය හාවාඑලිය බොරලන්ද ප්‍රදේශයේ රජයට අයත් අක්කර 10 පමණ ඉඩමක වගා කර තිබු එලවළු වගාවක් වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ නිලධාරින් විසින් ස්කේටර් යන්ත්‍රයක් යොදා ගනිමින් විනාශ කිරිමට ඉකුත් (18) දින පියවර ගෙන ඇති බව එම ඉඩමේ එලවළු වගා කල ගොවින් කියා සිටියි.
Read Moreනුවරඑළිය සිට කැප්පටිපොල සහ වැලිමඩ දක්වා ඩිසල් ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථයක් නුවරඑළිය හග්ගල මහ වංගුව ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්වීමෙන් එම බවුසර් රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහායකයා තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති බවත්, පෙරලුණු බවුසර් රථයේ ප්‍රවාහනය කළ ඉන්ධන කාන්දු වන බව නුවරඑලිය පොලීසිය පැවසිය.
Read Moreඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - 331’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 19) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreනෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශයේ සිට ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ජලය රැගෙන යන විශාල නලයක සති තුනක් තිස්සේ විශාල ජල කාන්දුවක් සිදු වන බවත්, එම ජල කාන්දුව නතර කිරිමට විදුලි බල මණ්ඩලය කිසිදු පියවරක් ගෙන නොමැති බව ජල කාන්දුව සිදු වන ස්ථානය අවට පදිංචිකරුවන් පවසයි.
Read Moreමහ කන්නයෙ වී අස්වැන්න මේ වන විට පුත්තලමේ ගොවින් නෙළමින් සිටිති. නමුත් නෙළා ගන්නා අස්වැන්න තුට්ටු දෙකට මීලදි ගැනිමට මහා පරිමාන වී මුදලාලිලා තම තැරැව්කරුවන් හරහා සියලු කටයුතු කරමින් ඇත්තේ ගොවින් මාස හතරකට ආසන්න කාලයක් විවිධ බාධක මැද තම දහඩිය වගුරමින් සරුකල අස්වැන්න බව ඔවුහු පවසති.
Read Moreමධ්‍යම කඳුකරයට සති කීපයක් තිස්සේ පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතී.
Read More