saravita-anim2

2025 ජනවාරි මස 10 වන සිකුරාදා

2025 ජනවාරි මස 10 වන සිකුරාදා

Sports - timelapse 1439 hours ago

LATEST

අවුරුදු 5කට පසුව දඹුල්ලට එන ක්‍රිකට් බලන්න දැනටමත් පෝලිම්

calendar_today 2024 පෙබ 15 - 16:35 remove_red_eye - 1202  

වසර පහකට පසුව දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර තරගයක් පැවැත්වෙන නිසාවෙන් අතිවිශාල ජනතාවක් ක්‍රිඩා තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙමින් සිටිති.

අනුරාධපුර උතුරු ජල සම්පාදන පානීය ජල ව්‍යාපෘතියේ පළමු අදියර අද (15දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජපන් දූත පිරිසක් අතින් විවෘත කෙරුණු අතර ඊට විරෝධය පල කරමින් දේශවාසීහු පිරිසක් එම ජල පවිත්‍රාගාරය ඉදිරිපිටට පැමිණ ඔවුන්ගේ දැඩි විරෝධය පල කලහ.

Read More

වාද්දුව, පොතුපිටිය ගාලුපාරේ නතරකර තිබූ මෝටර් රථයක් අද (13දා) මුළුමනින්ම ගිනිගෙන විනාශ වී ඇති බව වාද්දුව පොලිසිය පවසයි.

Read More

චීන සාම්ප්‍රදායික නව වසර අද (9) රාත්‍රියේ උදාවෙයි. චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගය අද රාත්‍රී 8 ට ලොව පුරා ප්‍රේක්ෂකයන් හමුවේ දිගහැරේ. මෙම වසන්ත උත්සව ප්‍රසංගය වසර 40 කට වැඩි කාලයක් තිස්සේ සමස්ත චීන ජාතිකයන්ගේ උණුසුම් හැඟීම් ලොවට රැගෙන ගිය අතර, එය නව වසරේ සතුට සමරන චීන ජාතිකයන්ට විශිෂ්ට රසාස්වාදයක් තිළිණ කරන අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. විශේෂයෙන්ම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වසන්ත උත්සවය එක්සත් ජාතීන්ගේ න

Read More

පෙබරවාරි මස 09 දිනට යෙදී ඇති ලෝක පීට්සා දිනය නිමිත්තෙන් මීගමුව , ඒත්තුකාළ ප්‍රදේශයේ පිහිටි ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් හෝටලය ලංකාවේ විශාලතම පීට්සා ව 02/09 දින රාත්‍රී එම හෝටල් පරිශ්‍රයේ දී නිර්මාණය කිරීමට පියවර ගෙන තිබුණි.

Read More

ඇඹිලිපිටිය තෝරකොලයාය හරහා මිද්දෙණිය ප්‍රධාන මාර්යේ කුබුගොඩආර හුලංදාඔය පාලම ලොරියක් සමග අද පෙරවරුවේ කඩා ඇත.

Read More

වෙළෙඳ, සංචාරක, ධීවර සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට අවධානය. කොළඹ වරාය නගරයේ සුඛෝපභෝගී හෝටල් සඳහා මෙන්ම රාජ්‍ය ව්‍යවසායන් තුළ ඇති නව ආයෝජන අවස්ථා පිළිබඳ ජනපති පහදයි. මියන්මාරයේ මිනිස් ජාවාරම හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වා ගැනීමට ජනපති තායිලන්තයේ සහාය ඉල්ලයි.

Read More

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2024 පෙබරවාරි 03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

නානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු විශේෂ දුම්රියක් හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගය අසලදි (28) දින පස්වරුවේ පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ඇණහිට තිබු ගමනා ගමන් කටයුතු (29) දින අලුයම 2 සිට යලි යථා තත්ත්වයට පත් කල බව හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා පැවසිය

Read More

ගාල්ල සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

Read More

යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ පසුගිය ජනවාරි මස 22 වන දින‌ ඓතිහාසික පිම්මක් පනිමින් පැරෂුට් හමුදා භටයකු ලෙස සිය අභීත බව විදහා දැක්වීය. දෙස් විදෙස් නිලධාරීන් හා සෙබලු කණ්ඩායමක්ද, සමගින් ඔහු එම දක්ෂතාව පෙන්වූයේ පැරෂුට් ඉතිහාසයට නව පරිඡ්චේදයක් ඒක් කරමිනි.

Read More

යාපනය මහනුවර ඒ- 09 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය, අලිමංකඩ, උමයාල්පුරම් ප්‍රදේශයේදී ලංගම බස්රථයක් වෑන් රථයක මුහුණට මුහණ ගැටී අද (24) අලුයම සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් අටදෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට කිලිනොච්චිය පොලිසිය පවසයි.

Read More

රාම් හින්දු දෙවියන් වෙනුවෙන් ඉන්දියාවේ අයෝධ්‍යාව තුළ ඉදි කළ මතභේදාත්මක කෝවිල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කරනු ලැබීය. මෙම කෝවිල ඉදිකරනු ලැබුවේ පල්ලියක් ඉවත් කිරීමෙන් අනතුරුවය.

Read More

පොළොන්නරුව මාදුරුඔය, කුඩාඔය, පිඹුරත්තෑව, පූනානි විල්ලූව, පිටාර ගැලීම හේතුවෙන් මහවැලි බී කලාපයේ නෙළුම්වැව, පන්සියතුන කලාපය, අරලගංවිල, වැලිකන්ද, රුවන්පිටිය, නාමල්ගම, අසේලපුර ඇතුළු පහත් බිම්වල කුඹුරුවල පැලගොයම ගංවතුරට යටවීමේන් අක්කර දාහ දාහක පමණ ප්‍රමාණය පැළගොයමසම්පූර්ණයෙන්ම කුණු වී විනාශ වී ඇති බව මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් සඳහන් කරති.

Read More

මැලේසියාවේ පැවති ලෝකයේ හොදම නිරූපන ශිල්පීන් තෝරන ( I am model search international - 2024 ) තරගාවලියේ දී ලෝකයේ හොදම ‌යොවුන් නිරූපන ශිල්පියාට හිමි සම්මානය ඇතුළු තවත් ජයග්‍රහණයන් රාශියක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්‍රී ලංකා නිරූපන ශිල්පීන්ගේ කණ්ඩායම සමත් වී තිබූ අතර ඔවුන් අද (15දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

අධික තරබාරු උදරයකින් යුතු කාන්තාවකට මහනුවර පෞද්ගලික රෝහලකදී ලයිපොෂක්සන් තාක්ෂණය භාවිතා කරමින් සාර්ථකව සිදුකළ සැත්කමකදී ඇයගේ උදරයෙන් තෙල් ලීටර 13.5 ක ප්‍රමාණයක් ඉවත් කොට තිබේ .

Read More

ලෝක උරුමයක් වූ සීගිරි නැරඹීම සඳහා පැමිණෙන දේශීය සංචාරකයන්ට අසූචි මතින් සීගිරි නැගීමට සිදුවීම නිසා දේශීය සංචාරකයන් සීගිරි නැරඹීමට පැමිණීමෙන් වැළකී සිටින බව ජනතාව පෙන්වා දෙති.

Read More

අද (11) දින රාජාංගනය ජලාශයේ වාන් දොරටු 14ක් විවෘත කළ බව රාජාංගනය වාරිමාර්ග කාර්යාලය පැවසීය.

Read More

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා අද (10දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

Read More

නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර තුළ ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

ඉන්දියාව ලොකු ලුණු අපනයනය කිරීම තහනම් කිරීමත් සමඟින් පාකිස්තානය සහ තවත් රටවල් කීපයක් මෙරටට ලොකු ලූනු තොග එවීම හේතුවෙන් රුපියල් 600 ට ඉහළ ගිය ලොකු ලුණු කිලෝව 31 දින වන විට රුපියල් 300 ත් 350 ත් අතර පහත වැටී ඇතැයි ලොකුළුණු අලෙවි කරන දඹුල්ලේ ව්‍යාපාරිකයෝ පවසති.

Read More

මහවැලි ගඟ පිටාර ගැලිමෙන් සෝමාවතී චෛත්‍යය මළුව ජලයෙන් යටව්ඇති අතර සොමාවතිය චෛත්‍යය මාර්ගය අඩි 4-5 ක් පමණ ජලයෙන් යටව් තිබේ. සෝමාවතිය චෛත්‍යය මළුව ජලයෙන් යටව්ම නිසා සංඝයා වහන්සේලා දෙවනි මහල සංඝාවාසය වැඩසිට සිරිත් පරදි චෛත්‍යයට පුජා පවත්වන බවද එහි වැඩ සිටින සංඝයා වහන්සේලා පවසති.

Read More

2023 සහ 22023 සහ 2024 වසරවල ශ්‍රී පාද වන්දනාවාරය අදට (26දා) යෙදී තිබු උඳුවප් පුන් පොහොය දිනයෙන් ආරම්භ විය.024 වසරවල ශ්‍රී පාද වන්දනාවාරය අදට (26දා) යෙදී තිබු උඳුවප් පුන් පොහොය දිනයෙන් ආරම්භ විය.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙනුවෙන් නව ගුවන් යානයක් එක් කිරීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබේ. ඒ අනුව ඒ 380-200 වර්ගයෙ ගුවන් යානයක් එහි ගුවන් ඇනිය වෙනුවෙන් ලබා ගෙන තිබේ. මෙම ගුවන් යානය ශ්‍රී ලන්කන්හි කෙටි ගුවන් ගමන් ආවරණය කිරිම වෙනුවෙන් යොදා ගැනීමට නියමිතව තිබේ. ගුවන් යානය ව්‍යාපාරික පංතියේ ආසන 12ක් හා පිරිමැසුම්දායක පංතියේ ආසන 138කින් සමන්විත වෙයි.

Read More

ශ්‍රී ලාංකේය අගාවුඩ් වැවිලි ක්ෂේත්‍රයේ පුරෝගාමීයා වන පින්තැන්න සමූහ ව්‍යාපාරය තවත් ශක්තිමත් ඉදිරි පියවරක් තබමින් පින්තැන්න වතුයායේ අභිනවයෙන් ඉදිරිකරන ලද නවීන තාක්ෂණයෙන් සමන්විත බහුකාර්ය ගොඩනැගිල්ල පසුගියදා (16) විවෘත කෙරිණි.

Read More

මුලතිව් දිස්ත්‍රීක්කයට මේ දිනවල ඇදැහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් හදිසි ගංවතුර තත්වයක් ඇතිව කොටුවූ මුලතිව් ඔඩ්ඩුසුඩාන් බණ්ඩාරවන්නි ප්‍රදේශයේ ජනතාව යුදහමුදාව හා ප්‍රදේශවාසීන් ඒක්ව දැඩි පරිශ්‍රමයක් යොදා බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කරනු ලැබීය.

Read More

තායිලන්තයේ සෂිකට් ප්‍රාන්තයේ 12/12 සිට 12/18 දක්වා පැවති බටහිර තූර්ය වාදන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ මහනුවර සීතා දේවී බාළිකා විද්‍යාලයේ සිසුවියන් එම තරගාවලියේ දෙවන ස්ථානයට හිමි රිදී පදක්කම දිනා ගෙන 12/18 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබුණි .

Read More

ඉන්දියාවේ zee thamil රූපවාහිනී නාලිකාවේ Sa Re Ga Ma Pa Little Champ දමිළ ගායනා රියලිටි තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ කිල්මිෂා (Kilmisha Yaazhisai) දියණියට හිමිවී තිබේ.

Read More

මෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදාවට විශාල වගකීමක් පැවරෙන බවත් එයට අත තැබීමට හෝ සීමා කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

මේ වසරේ දෙවන වතාවට දඹුල්ල කන්ඩලම ජලාශය වාන් දැමීම 14දා රාත්‍රී සිට ආරම්භ වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.