ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර අබුඩාබිහිදී ලබන සතියේදී ආරම්භවීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ශ්රී ලංකා සංචිතයේ උපනායකත්වයට ළහිරු තිරිමාන්න පත්කිරීමට නව ක්රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
තිරිමාන්න අවසන්වරට ටෙස්ට් තරගයට ක්රීඩා කර ඇත්තේ 2016 වසරේ ජුනි මාසයේදි එංගලන්තයට එරෙහිවය. ඔහු නිමාවූ ඉන්දීය එක්දින තරගාවලියේදී තරග තුනකට ක්රීඩා කරමින් පිළිවෙළින් ලකුණු 80,18,67ක් ලෙස රැස්කිරීමට සමත්විය.
ග්රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව නම් කළ පළමු සංචිතය මෙය වෙයි. පළමු ටෙස්ට් තරගය 28 දා ආරම්භ වීමට නියමිතය.
කණ්ඩායමේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් කටයුතු කරන අතර නව ක්රිඩකයන් ලෙසින් සධීර සමරවික්රම, රොෂේන් සිල්වා කණ්ඩායමට එක්ව තිබේ.
ඇන්ජලෝ මැතිව්ස් බත්කෙණ්ඩේ ආබාධයකට ලක්ව ඇති හෙයින් පළමු ටෙස්ට් තරගයට ක්රීඩා නොකරයි. සීමිත පන්දුවාර නායක උපුල් තරංග ටෙස්ට් තරගවලට මාස 6ක් තමාව සහභාගි නොකරන ලෙස දන්වා ඇති හෙයින් මෙම සංචිතයට ඔහුගේ නම ඇතුළත් නොවේ.
මේ අතර නැවතත් ටෙස්ට් සංචිතයට පිවිසීමට ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා සමත්ව තිබේ. ආබාධයකට ලක්ව ඇති අසේල ගුණරත්නටද ටෙස්ට් තරගාවලිය අහිමිවී ඇත.
ශ්රී ලංකා සංචිතය