ජාඩව්පූර් විශ්වවිද්‍යාල පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර ඊයේ (නොවැම්බර් 11දා) ආරම්භ වූ පුහණු තරගයේදී ශ්‍රී ලංකා පිතිරුවන් සිව් දෙනෙකු අර්ධ ශතක රැස්කරමින් ඉන්දීය සංචාරය සාර්ථකව ආරම්භ කිරීමට සමත්විය. දින දෙකකින් යුත් පුහුණු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයේදී තරගය අත්හිටවූයේ පන්දුවාර 88කදී කඩුලු 6ට ලකුණු 411ක් රැස්කරමිනි.
ශ්‍රී ලංකා ඉනිම සාර්ථකව ආරම්භකළ සදිර සමරවික්‍රම පන්දු 77කදී ලකුණු 74ක් රැස්කළ අතර එය ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව විය. නිරෝෂන් දික්වැල්ල මුලින්ම ලකුණු 53ක් රැස්කර ඉනිම අත්හිටවූ අතර නැවතත් 80 වැනි පන්දුවාරයේදී සිය ඉනිම ආරම්භකළේය. ඒ අනුව ඔහු පන්දු 59කදී ලකුණු 73ක් රැස්කළේය.
ඉන්දීය ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය දරන සංජු සැම්සන් කාසියේ වාසියේ දිනා ශ්‍රී ලංකාවට මුලින්ම පන්දුවට පහරදීමට අවස්ථාව ලබාදුන්නේය. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ සදීර සමරවික්‍රම හා දිමුත් කරුණාරත්න සාර්ථක ආරම්භයක් ලබාගත්තේය. පන්දුවාර 23.3කදී ලකුණු 134ක සබඳතාවක් පැවැත්වූ ඔවුහු අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් හිමිකරගත් සදීර, අවිශ් ඛාන් හමුවේ දැවී ගියේය. කරුණාරත්න පන්දු 62කදී ලකුණු 50ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය.
ඉන් අනතරුව පිටියේ රැඳී සිටි ළහිරු තිරිමාන්න හා ඇන්ජලෝ මැතිව්ස්ට ලකුණු වේගයෙන් රැස්කිරීමට නොහැකිවිය. ළිහිරු තිරිමාන්න ලකුණු 17කට දැවී ගියේ අකාශ් භණ්ඩාරිගේ පන්දුවක් හමුවේ ජිවන්ජෝට් සිංට උඩපන්දුවක් ලබාදෙමිනි.
ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 29ක් රැස්කරමින් පිටියෙන් ඉවත්විය. ආබාධයක් හේතුවෙන් පාකිස්තාන තරගාවලියම අහිමි වූ හිටපු නායක මැතිව්ස් පන්දු 93කදී ලකුණු 54ක් රැස්කළේය. එයට හතරේ පහර හයක් ඇතුළත්විය. ඉන් අනතුරුව තේ පානය සඳහා තරගය නිමා කළේය. ශ්‍රී ලංකා ඉනිම ඒ වන විට කඩුලු 2 ට ලකුණු 254ක් ලෙස දිස්විය.
ඉන් අතතුරුව නැවතත් තරගය ආරම්භ වූ අතර දසුන් ශානක, ජලාජ් සක්සේනාගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. නමුත් ඩිල්රුවන් හා දික්වැල්ල ශ්‍රි ලංකාව ලකුණු 300 සීමාවට ගෙන ආවේය.
දික්වැල්ල සිය අර්ධ ශතකයෙන් පසුව පිටියෙන් ඉවත්විය. ඩිල්රුවන් (48), රොෂේන් සිල්වා (36*) ශ්‍රී ලංකා ඉනිම තවදුරටත් ශක්තිමත් කළේය. ඉන් අතරුව ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි කඩුල්ල බිඳ වැටුණ අතර නැවතත් දික්වැල්ල පන්දුවට පහරදීමට පිටියට පිවිසියේය. ඔහු පන්දු 59කදී ලකුණු 73ක් රැස්කළේ හතරේ පහර 13ක් සමගිනි. ලකුණු 400 සීමාව ඉක්මයෑමෙන් පසුව ශ්‍රී ලංකාව ඉනිම අත්හිටුවීය.
ශ්‍රී ලංකා කණ්ඩායම 411/8 පන්දුවාර 88 (සදීර සමරවික්‍රම 74, දිමුත් කරුණාරත්න 50 පිටියෙන් ඉවත්වුණා, ඇන්ජලෝ මැතිව්ස් 54 පිටියෙන් ඉවත්වුණා, නිරෝෂන් දික්වැල්ල 73*, සන්දීප් වැරියර් 2-60, ආකාෂ් බණ්ඩාරි 2-111)