නවසීලන්තයේ පැවැත්වෙන වයස 19න් පහළ (යොවුන්) එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කෙන්යානු කණ්ඩායමට එරෙහිව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ හසිත බෝයගොඩ දියත් කළ ඉනිමට (ලකුණු 191) සහ අ.පො.ස. උ.පෙළ විභාගයෙන් “A” සම්මාන හතරක් සහිතව සමත්වීම ගැන හිටපු ටෙස්ට් හා එක්දින ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර සුබ පැතුම් එක්කර තිබේ. සිය ට්විටර් ගිණුම හරහා සංගා මෙසේ සුබ පැතුම් එක්කර තිබුණි.
හසිතගේ ඉනිම යොවුන් ක්‍රිකට් (එක්දින) තරග බිමේ පිතිකරුවෙකු ක්‍රීඩාකළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය. තවද හසිත මහනුවර දිස්ත්‍රික්කයෙන් දෙවැනියා ලෙසින් අ.පො.ස. උ.පෙළ විභාගය සමත්වීමද කැපී පෙනේ.