ශ්‍රී ලංකාවේ අංක එකේ ටෙනිස් ක්‍රීඩක හර්ෂණ ගොඩමාන්න අන්තර්ජාතික ටෙනිස් සම්මේලනය (අයි.ටී.එෆ්.) මගින් සම්මානයට සම්මානයට පාත්‍ර වී ඇත. ඒ සිය රටට ටෙනිස් ක්‍රීඩාවෙන් සිදු කළ විශිෂ්ඨ සේවාව උදෙසායි.
අද (07) ඩේවිස් කුසලාන අන්තර්ජාතික ටෙනිස් තරගාවලයේ ඉන්දුනසියාව සමග පැවති තරගයට පෙර අයි.ටී.එෆ්. මගින් මෙලෙස ඔහුව ඇගයීමට ලක් කලේය.
මේ වන විට ශ්‍රී ලංකාවේ අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන හර්ෂණ අන්තර්ජාතික ටෙනිස් ඒකළ ශ්‍රේණිගත කිරීම් හි 1106 වැනි ස්ථානයේ රැඳී සිටියි.
33 හැවිරිදි ගොඩමාන්න අද තරගාවලියේ සහභාගි වූ තරග අදියරත් සමග ඩේවිස් කුසලාන තරග අදියර 51 කට සිය දායකත්වය ලබා දීමට සමත් වී ඇත.