දේශපාලන වාසි අපේක්ෂාවෙන් උතුරේ කුමන හර්තාල් සිදුකලත් බරපතල වැරදි වලට සම්බන්ධ එල්ටීටීඊ සැකකරුවන් නිදහස් නොකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ බියගම ප්‍රදේශයේ පැවැති උත්සවයකට ඊයේ (13දා) සහභාගිවෙමිනි. එහිදී මාධ්‍යවේදීන් යොමුකල ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදුන් ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කලේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් පිරිසක් උතුරේ හර්තාලයක් දියත් කරමින් එම ප්‍රදේශවල ජනතාවගේ ජනජීවිත අඩාල කිරීමේ උත්සාහයක නිරත වන බවයි.
දේශපාලන වාසි අපේක්ෂාවෙන් දෙමළ ජාතික සන්ධානය විසින් බන්ධනාගාර ගත කර සිටින මෙම පිරිස දේශපාලන සිරකරුවන් ලෙස සඳහන් කළද ඔවුන් එවැන් පිරිසක් නොවන බව පැවසූ අමාත්‍යවරයා, යුද සමයේ එම පුද්ගලයන් බරපතල අපරාධ වලට සම්බන්ධ වී ඇති බවට පරීක්ෂණ වලින් කරුණු අනාවරණය වී ඇති බව සඳහන් පැවැසීය. එවැනි පිරිස් අධිකරණ ක්‍රියාවලියකින් තොරව නිදහස් කළ නොහැකි බව දපැවසීය.
අධිකරණ ක්‍රියාවලියේ ප්‍රමාදයන් පවතී නම් එය කාර්යක්ෂම කරමින් රටේ පවතින නීතිය යටතේ නීතිය ක්‍රියාත්මක කර දඩුවම් කිරීම හෝ සැකකරුවන් නිදහස් කිරීම කළයුතු බව පෙන්වාදුන් රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ සැබෑ තත්වය තේරුම් නොගනිමින් උතුරේ සිදුකරන හර්තාල් සහ විරෝධතාවයන් පිටුපස දේශපාලන වාසි අපේක්ෂාවෙන් උතුරේ මහජන නියෝජිතයින් පිරිසක් ක්‍රියාත්මක වන බවයි.