ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ ග්රැහැම් ෆෝඩ් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ශ්රී ලංකා ක්රිකට් ආයතනයට යොමුකරමින් තරුණ ක්රිකට් ක්රීඩකයන් වෙනුවෙන් උපදේශයක් ලබාදී ඇත.
ඔහු තරුණ ක්රීඩකයන්ට පවසන්නේ තමන් ගැන විශ්වාස කරන ලෙසත්, කණ්ඩායම පිළිබඳ විශ්වාස කරන ලෙසත් තම හදතින්ම ක්රීඩා කරන ලෙසත්ය.
එසේම දක්ෂ තරුණ ක්රීඩකයන් සමග පසුගිය මාස 15ක කාලයක කටයුතු කිරීමට ලැබීම සතුටක් බවත් ශ්රී ලංකා ක්රිකට් ආයතනයටත්, කණ්ඩායමේ ක්රීඩකයන්ටත් සුබ පතන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.