ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිස්වී ඇති ප්‍රධාන පුහුණුකරු ධුරයට චන්දික හතුරුසිංහ බඳවා පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති වුවත් ඔහු සිය කොන්ත්‍රාත්තුව අවසන් වන තෙක් බංග්ලාදේශයේ රැඳී සිටිනු ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන් විශ්වාසය පළකරයි.
හතුරුසිංහ 2019 වසරේ ලෝක කුසලානය අවසන් වන තෙක් බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා ගිවිසුම් ගතව තිබේ.
“ඕනෑම කෙනෙකුට ඔහුව පුහුණුකරුවෙකු ලෙස අවශ්‍ය වෙන්න පුළුවන්. අපි ඔහුත් සමග මේ ගැන කතා කළේ නෑ. අපි ඔහු සමඟ 2019 ලෝක කුසලානය තෙක් ගිවිසුම් ගතව ඉන්නවා. අපිට විශ්වාසයි ඔහු අපිත් සමග ඒ දක්වා රැඳී සිටීවි කියලා” යැයි නස්මුල් සඳහන් කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග්රැහැම් ෆෝඩ් මහතා එම ධුරයෙන් ඉවත්වීමත් සමගින් ශ්‍රී ලංකවේ ප්‍රධාන පුහුණුකරු ධුරය හිස්ව තිබේ. අතුරු පුහුණුකරු ලෙස නික් පෝතාස් කටයුතු කරයි.