බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය ඉල්ලා අස්වීම භාර දුන් බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබේ.
කෙසේ වෙතත්, බංග්ලාදේශයේ ඩකා අගනුවරදී මාධ්‍ය හමුවක් ඇමතූ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසාන් සඳහන් කර ඇත්තේ තමන් තවමත් ඔහුගේ ඉල්ලා අස්වීම භාර නොගත් බවකි.
එමෙන්ම, හතුරුසිංහගේ දුරකථනයට කිහිප වරක් ඇමතූ නමුත් ඔහු ඊට පිළිතුරු නොදුන් බවද සභාපතිවරයා පවසා තිබේ.
මේ අතර, දැනට පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර තනතුර හතුරුසිංහ භාරගැනීමට සූදානමින් සිටින බවටද කසුකුසුවක් පැවති අතර, ඔහුගේ මෙම හදිසි තීරණය ඒ හා බැඳුණු සිදුවීමක් විය හැකි බවද කියැවේ.