සුපිරි පළාත් එක්දින තරගාවලියේ අවසන් තරග එළැඹෙන 10 දා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදි පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. අයහපත් කාලගුණය හේතුවෙන් අවසන් තරගය මීට ඉහතදී දින නියමක් නොමැතිව කල් දැමිණි. ගාලු කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන තරගය පෙ.ව. 9.45ට ආරම්භ වීමට නියමිතය.