ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේ 35 වැනි තරගය ලෙසින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා ගුජරාට් ලයන්ස් කණ්ඩායම අතර ඊයේ (29දා) පැවැති තරගයෙන් මුම්බායි ඉන්දියනස් කණ්ඩායම ජය ලැබීමට සමත්විය. රාජ්කොට් හි පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 9ට ලකුණු 153ක් රැස්කළේය.
ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් දක්ෂතා දැක්වීමට ඉෂාන් කිෂාන් සමත්වූයේ ලකුණු 48ක් රැස්කරමිනි. මෙම තරගයේදී මුම්බායි කණ්ඩායම නියෝජනය කරමින් මාලිංග පිටියට පිවිසි අතර ඔහු පන්දුවා 4දී ප්රතිවාදීන්ට ලකුණු 33ක් ලබාදී කඩුලු දෙකක් දවාගත්තේය.
ලකුණු 154ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය මුම්බායි කණ්ඩායමටද නියමිත පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 153ක් පමණි. අාරම්භක පිතිකරු පර්තීව් පටේල් පන්දු 44කදී ලකුණු 70ක් රැස්කළේය.
මුලින්ම ගුජරාට් කණ්ඩායම සිය පන්දුවාරය යොමුකළ අතර ෆෝල්කනර් යොමුකළ පන්දුවාරයට මුම්බායි කණ්ඩායම ලකුණු 11ක් රැස්කළේය. මුම්බායි කණ්ඩායමේ සුපිරි පන්දුවාරය බුම්රා යොමුකළ අතර ඔහුගේ පන්දුවාරයට ගුජරාට් කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු හයක් පමණි. ඒ අනුව තරගයේ ජය මුම්බායි කණ්ඩායමට හිමිවිය.