ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිත සිවුවැනි එක්දින තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව තාවකාලික නායක චාමර කපුගෙදරට අහිමි වෙනු ඇති බව වාර්තා වෙයි.
ඒ ඔහුගේ කොන්දේ ආබාධය වර්ධනය විමේ අවදානමකට ලක්ව ඇති හෙයිනි.කපුගෙදර තෙවැනි එක්දින තරගයේදී මෙම අවදානමට ලක්විය. ඔහු තරගයට ක්‍රීඩා කිරීම හෙට (30දා) පැවැත්වෙන පුහුණු සැසියෙන් පසුව තීරණය වෙනු ඇත.
යම් හෙයකින් ඔහු සිවුවැනි තරගයට ක්‍රීඩා නොකරන්නේ නම් එක්දින තරග 4ක් තුළ සිය තෙවැනි එක්දින නායකයා තෝරා ගැනීමටත් ශ්‍රී ලංකාවට සිදුවෙනු ඇත. ඒ අනුව ලසිත් මාලිංග නායකත්වය සඳහා නම්කර ඇතැයිද වාර්තා වෙයි.
කපුගෙදරගේ ස්ථානයත්, චන්දිමාල් ආබායකට ලක්වීමත් හේතුවෙන් ඩිල්ෂාන් මුණවීර හා ධනංජයද සිල්වා සංචිතයට කැඳවා ඇතැයි වාර්තා වෙයි.