සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටින සිම්බාබ්වේ කණ්ඩායම තෙවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු 6ට ලකුණු 252ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකා කඩුලු හතරක් ඇතැතිව ඔවුන් ලකුණු 262ක් ඉදිරියෙන් සිටී. සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමට රස්කළ ලකුණු 356ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 346ක් පමණි.
සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලු හතර ලකුණු 59ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූවත් හයවැනි කඩුල්ලට (86ක්) හා හය වැනි කඩුල්ලට (107*) සාර්ථක සබඳතා ගොඩනගමින් ඔවුහු අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් කරා පිවිසියේය. හෙට තරගයේ සිවුවැනි දිනයයි.