ලකුණු 217ක ජයග්‍රාහී ඉලක්කයක් පසුපස හඹා යන සිම්බාබ්වේ පිල, මේ වනවිට පන්දුවාර 16ක් අවසානයේ ලකුණු 54ට කඩුලු 4ක් බිඳ වැටී අසීරු අඩියක පසු වෙයි. මෙම තරගය ජයග්‍රහණය සඳහා ඔවුන්ට පන්දුවාර 34දී ලකුණු 163ක් රැස්කරගත යුතුය. ඒ සඳහා කඩුලු 6ක් ඉතිරිව තිබේ.
බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන්නට නම් සිම්බාබ්වේ පිලට මෙම තරගය ජයගන්නට සිදු වෙයි. එසේ නොවන්නට ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයේ තීරණය තෙක් බලා සිටින්නට සිදු වනු ඇත.
තරගයේ කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශ නායක මස්රෆි මොට්ටාසා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, එහිදී ලකුණු 217ක් ලබා ගැනීමට ඔවුහු සමත් වූහ. මෙහිදී බංග්ලාදේශය වෙනුවෙන් තමින් ඉක්බාල් පන්දු 105දී හතරේ පහර 6ක් සමගින් ලකුණු 76ක් රැස් කළ අතර ඔහුට අනගි සහායක් ලබාදුන් සකීබ් අල් හසන් පන්දු 80දී හතරේ පහර 6ක් සමගින් ලකුණු 51ක් රැස් කළේය.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් නායක ග්රැහැම් ක්‍රීමර් පන්දුවාර 10දී ලකුණු 32කට කඩුලු 4ක් බිඳ හෙළීය.