බංග්ලාදේශ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ, සිම්බාබ්වේ සහ බංග්ලාදේශය අතර මේ වනවිට පැවැත්වෙන එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 216ක් රැස් කළේය. ඒ අනුව ජයග්‍රහණය සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 217ක් රැස්කරගත යුතුය.
කාසියේ වාසිය හිමිකරගත බංග්ලාදේශ නායක මස්රෆි මොට්ටාසා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, බංග්ලාදේශය වෙනුවෙන් තමින් ඉක්බාල් පන්දු 105දී හතරේ පහර 6ක් සමගින් ලකුණු 76ක් රැස් කළේය. ඔහුට අනගි සහායක් ලබාදුන් සකීබ් අල් හසන් පන්දු 80දී හතරේ පහර 6ක් සමගින් ලකුණු 51ක් රැස් කළේය.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් නායක ග්රැහැම් ක්‍රීමර් පන්දුවාර 10දී ලකුණු 32කට කඩුලු 4ක් බිඳ හෙළීය.