ශ්රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර එක්දින තරග ආරම්භ වී ඇත්තේ 1994/95 වසරේදීය. (ලෝක කුසලාන තරගාවලි, තුන් කොන් තරගාවලි හැරුණු විට) මේ දක්වා දෙරට අතර තරග 54 පවත්වා ඇති අතර එයින් තරග 43 ශ්රී ලංකාව ජයගෙන ඇති අතර සිම්බාබ්වේ කණ්ඩායම තරග 9ක් ජයගෙන ඇත. තරග දෙකක් විසඳුමකින් තොරව අවසන් ව ඇත.
එක්දින තරගාවලි ලෙස ගත්විට දෙරට අතර තරගාවලි 5 ක් පවත්වා ඇත. (ක්රියාත්මක තරගාවලිය හැරුණු විට. එසේම සිම්බාබ්වේ හා ශ්රී ලංකා කණ්ඩායම අතර පමණක් පැවැති තරගාවලි) එම තරගාවලි සියල්ල ජයගෙන ඇත්තේ ශ්රී ලංකා කණ්ඩායමයි.
බංග්ලාදේශය හැරුණු විට සිම්බාබ්වේ කණ්ඩායම රටින් පිටතදී ප්රධාන කණ්ඩායමක් පරාජය කර ඇත්තේ 2000/01 තරග වර්ෂයේදීය. එහිදී ඔවුන් නවසීලන්ත කණ්ඩායම නවසීලන්තයේදී එක්දින තරග 2-1ක් ලෙස පරාජයට පත්කරනු ලැබිය.
අද තරගය සිම්බාබ්වේ කණ්ඩායම ජයගත හොත් සිමිබාබ්වේ කණ්ඩායම ශ්රී ලංකා කණ්ඩායමට එරෙහිව වාර්තා කරන පළමු තරගාවලි ජය වන අතරම එක්දින තරග 5කින් සමන්විත තරගාවලියකදී ඔවුන් ප්රධාන කණ්ඩායමක්ප (බංග්ලාදේශය හැරුණු විට) රාජයට පත්කර ලබන පළමු තරගාවලි ජය ලෙසත් ඉතිහාසයට එක්වෙනු ඇත.