ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රෙමදාස පිටියේ පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේ සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 346ට සීමා විය.
ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 356ට වඩා ලකුණු 10ක් පසුපසින් ශ්‍රී ලංකා ඉනිම අවසන් විය. ආරම්භක පිතිකරු උපුල් තරංග ලකුණු 71ක් රැස්කිරීමට සමත්විය.
තරගයේදී සිම්බාබ්වේ නායක ග්රැහැම් කීමර් ශ්‍රි ලංකා ඉනිමේ කඩුලු 5ක් බිඳ දැමූවීමට සමත්වීය. ඒ සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයෙකු ටෙස්ට් තරගයේදී කඩුලු පහක් දවාගත් පළමු අවස්ථාව ලෙසත් එය ඉතිහාසට එක්විය.
මේ අතර සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 8.3කදී කඩුලු 4ට ලකුණු 23ක් රැස්කරගෙන සිටියි. රංගන හේරත් කඩුලු තුනක් හා ඩිල්රුවන් පෙරේරා එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්වූහ.