ශ්‍රී ලංකා පාසල් රග්බ් සම්මේලනයේ මූලික අධීක්ෂණයෙන් පැවැත්වෙන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ නිල අනුග්රාහකයන් ලෙස කටයුතු කරන සිංගර් ශ්‍රී ලංකා පෞද්ගලික සමාගම විසින් සිය අනුග්‍රාහකත්වය නිල වශයෙන් ප්රදානය කිරීම අද (29දා) උත්සවශ්‍රීයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්විණි.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ සභාපති, කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති බී.ඒ. අබේරත්න, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශක සුනිල් ජයවීර හා සිංගර් ශ්‍රී ලංකා සමාගම නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරී අසෝක පීරිස් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
එමෙන්ම මෙහිදී සිංගර් ශ්‍රී ලංකා පෞද්ගලික සමාගම පාසල් වෙනුවෙන් සිය අනුග්‍රාහකත්වය නිල වශයෙන් ප්රදානය සංකේතවත් කරමින් පළමු කාණ්ඩයේ පාසල් සඳහා අනුග්‍රාහකත්වය පිරිනැමීමද මෙහිදී සිදුවිය.
ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනයේ සභාපති බී.ඒ. අබේරත්න මහතා
අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශක සුනිල් ජයවීර
සිංගර් ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අසෝක පීරිස්
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා
සිගර් ශ්‍රී ලංකා පුද්ගලික සමාගම නිළ අනුග්‍රාහකත්වය ප්‍රධානය කරමින්
තරගාවලියට එක්වන පළමු කාණ්ඩයේ ඒ කොටසේ කණ්ඩායම් වල නායකයින් කිහිප දෙනෙකු
ඡායාරූප- ක්‍රිශාන් රණසිංහ